Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / බණ්ඩාර මැරූ උන්
About this book

බණ්ඩර මැරූ උන්

සේර තෝරදෙනිය

සේන තෝරදෙනියගේ හයවන නවකතාව වන ‘බණ්ඩර මැරූ උන් කතුවරයාගේ විසිපස්වැනි කෘතියද වෙයි.

චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳවද සාකච්ඡා කරන මෙම නවකතාව, ඉතා අධිරහස් ලෙස මහවැලියේ ගිලී මිය ගිය, ජාත්‍යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් ගැස්කොට ගත් අනුවේදනීය පුවතක් ගෙන එයි. හොඳ කොමියුනිස්ට්වාදියෙකුගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කළ වෛද්‍ය විශේෂඥයෙකුගේ ජීවිත සටහන්ද මෙම නවකතාව හා බැඳී පවතී. 

එමගින් මෙරට වාමාංශික ව්‍යාපාරයේ ශෝකජනක පරිහානියද වර්තමාන මැදපන්තියේ ඛේදවාචකයද පෙන්නුම් කෙරේ. බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධිය හා මෑතකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනය නිරූපණය කරන එය, බෙදුම්වාදී යුද්ධය වක්‍රාකාරයෙන් පවුල් ජීවිතවල බිඳී විසිරී යාමට හේතු වූ ආකාරය මෙන්ම, විශිෂ්ට රූ ඇති ස්ත්‍රීන්ට ශිල්ප දීපියා පරදාර කර්මයෙහි හැසිරෙන සරසවි ඇදුරන් ගැනද කියයි.

දුම්බර මිටියාවත, උඩරට තේ වතුකරය, මැරේකැලේ වන අරණ මෙන්ම විවිධ රටරාජ්‍යවලටද පාඨකයා ගෙන යන මෙම නවකතාව මගින්ද කතුවරයා සිංහල නවකතාවේ ආඛ්‍යාන රටාවේ නවමු වෙනසක් සිදුකොට ඇත. මෙම නවකතාකරුවාට සුවිශේෂ වන්නාවූ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් ලබන නොමඳ අනුප්‍රාණය නවකතාව පුරා දැකිය හැකි වන්නේය. චිත්‍රශිල්පීන් හා චිත්‍ර පදනම් කොටගෙන ලියැවුණු නවකතා රාශියක් ලෝක සාහිත්‍යයට උරුම වී තිබේ. ‘බණ්ඩර මැරූ උන්’ නවකතාවද ඒ අතරට එක් වෙයි.

ISBN
9789556862409
පිටු ගණන (Pages)
510
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බණ්ඩාර මැරූ උන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.