බාරොන් - මඟඇරුණු මඟ
ශ්රීමත් දොන් බාරොන් ජයතිලක (1868-1944)
විසි වැනි සියවසේ පළමු දශක හතර දීප්තිමත් කළ, 'අභීෂ්ට දේශපාලනඥයා' හෙටත් රටට ලෝකයට වැඩදායක දේශපාලනඥයා යනුවෙන් හැඳින්වීමට හැකි, ජනනායකයන් කිහිප දෙනා අතර සිටි ප්රමුඛයා ග්රීමත් දොන් බාරොන් ජයතිලක වේ.
අධ්යාපනඥයකු, උගතකු, සාහිත්යවේදියකු, පඬිවරයකු, දේශපාලනඥයකු එක විට හමුවන දුර්ලභ චරිතයකට ඔහු හිමිකම් කීවේය.
1931 සහ 1936 රාජ්ය මන්ත්රණ සභාවල ඇමතිවරයකු මෙන් ම සහානායකයා වූ ඔහු සියවස් ගණනක විදේශ පාලනයකට පසු ලංකා ආණ්ඩුවේ ඉහළම තනතුර හෙබවූ පළමු ස්වදේශීය ජන නායකයා ද විය. බ්රිතාන්ය පාලන සමයේ ඉන්දියාවේ ලංකා නියෝජිතයා වී දෙරට අතර පළමු රාජ්යතාන්ත්රිකයා බවට පත් විණි.
1943 දී සර්වජන අධ්යාපන පනත රාජ්ය මන්ත්රණ සභාවට ඉදිරිපත් කරන්නට වසර 40ට පෙර ඒ සඳහා මූලික අඩිතාලම දැමූ බාරොන් ජයතිලක, 'හික්මවීමක් නැති ඉගෙනීම අපරාධ කිරීමට නපුරු ආයුධයක් බව අවධාරණය කළේය.
විද්යාලංකාර පිරිවෙන සෙවණේ තම මූලික අධ්යාපනය සම්පූර්ණ කරන ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිය නිම කරන විට පෙර - අපර දෙදිග බුද්ධිමණ්ඩල අතර විශිෂ්ට ශාස්ත්රඥයකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියේය. විවිධ මගින් එන සමාජීය සංස්කෘතික ප්රවණතා එක ගමනකට එකඟ කරවා ගත යුතු මැදහත් ජාතික නායකත්වය ඔහු ඉතිරි කළ දේශපාලන ආදර්ශයකි. එය ලක්වැසි පයට හැපී අහිමි කර ගත් මැණිකකි; ජාතික මිටින් හළ කිරුළකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.