බවතුරු යට
ප්‍රවීණ නවකථා කතුවර සමරවීර විජයසිංහයන්ගේ
මුල් ම නවකථාව වන බව තුරු යට (1996) වූ කලී,
පසු කලෙක ඔහු සිංහල නවකථා නිර්මාණකරණය
වෙනුවෙන් ලැබිය හැකි විශිෂ්ටතම සම්මානයන් වන
රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් (2005) හා ස්වර්ණ පුස්තක
සම්මානයෙන් (2008) පිදුම් ලබන නව කථාකරුවකු බවට
පත්වීමේ පෙර මඟ ලකුණු හෙළි කෙරෙන කෘතියකැයි
සිතමි.
ඒ, ඔහු විසින් සිංහල යථාර්ථවාදී නවකථා රීතියෙහි
සම්භාවිත සාධනීය ලක්ෂණ මේ ප්‍රථම නවකථාව තුළින් ම
පළ කරනු ලැබීමටසමත් ව ඇති බව පෙනීයන බැවිනි.
විසිවන සියවසේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට
නතුව පැවැති අවසන් කාලවකවානුව තුළ,
දකුණු පළාතේ බටහිර මුහුදුබඩ ආශ්‍රිත ගම්
ප්‍රදේශයක විසූ ගැමි පවුලක් වටා ගොතන ලද
වෘතාන්තයක් බවතුරු යට නවකථාවේ වස්තු
විෂයය වෙයි. එම පවුලෙන් මතු වන අබරං අප්පු
නමැති තරුණයෙකු පාරම්පරික ගැමි ආර්ථික රටාවෙන්
මිදී නව වෙළඳ ආර්ථිකය ජය ගැනීමට ගන්නා වෑයමත්,
එකල සමාජ, ආර්ථික, දේශපාලන හා අධ්‍යාත්ම
පරිසරයෙහි ගති ස්වභාවයත් මේ නවකථාව තුළ
මැනවින් නිරූපණය කෙරෙයි.
සමකාලීන ජන විඥානාර්ථ විමසා හඳුනා ගැනීමටත්,
මෙවැනි කථාවකට උචිත සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායයෙන්
පෝෂිත බස් වහරක් හා යථාර්ථවාදී රචනා රීතියක් භාවිතා
කිරීමටත් කතුවරයා දක්වා ඇතිශක්‍යතාව වෙසෙසින් අගය
කළ යුත්තකි.
ශාස්ත්‍රවේදී, වලතර සුභූති හිමි
විශ්‍රාමලත් විදුහල්පති
අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.