Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භාරතීය ජනකතා සංග්‍රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

භාරතීය ජනකතා සංග්‍රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

පැරණි යුගයේ විනෝදය හා කුතුහලය පදනම් කොට ගෙන කතාන්තර මගින් එක් පරපුරකින් පරපුරකට දැනුම ළඟා කරවීමෙහි ලා මහඟු දායකත්වයක් සපයන ලද්දේ ජනකතාවයි. ජනකතාව ජාතියක භෞතික හා ආධ්‍යාත්මික ජීවිතය ප්‍රකට කරන්නක් ලෙස සැලකෙන්නේ එබැවිනි.

''භාරතීය ජනකතා සංග්‍රහය - 4'' ග්‍රන්ථ මාලාව යටතේ එන නැගෙනහිර භාරතයේ ජනකතා නමින් හැඳින්වෙන මෙම කෘතිය, එනමින් හැඳින්වෙන ප්‍රදේශයේ වෙසෙන ජනයා අතර ප්‍රචලිත ජනකතාවන්ගේ එකතුවකි. ඒවායෙන් ප්‍රකට වන්නේ එම ජනයාගේ ආශා, අභිලාෂා, ප්‍රාර්ථනා මෙන්ම ජීවිතය සරු කරගත හැකි සදුපදේශයන්ය.

මෙම ජනකතා හින්දි බසින් සිංහලයට නැගුවේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතනගමගේ මහතාය. නවදිල්ලියේ ජවාහර්ලාල් නේහ්රූ විශ්වවිද්‍යාලයෙන් හින්දි විෂයය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබු එතුමා කැළණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යානාංශයේ මහාචාර්යවරයකු වන අතර, එහි අංශාධිපතිවරයා ද වෙයි.

- සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු - 

ISBN
9789553046048
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භාරතීය ජනකතා සංග්‍රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.