Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භාරතීය ජනකතා සියයක්

භාරතීය ජනකතා සියයක්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

'භාරතීය ජනකතා සියයක්’ නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ්‍යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දී විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඉන්දියාවේ ජවාහර්ලාල් නේරූ විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කිරීමට හැකි වීමෙන් හින්දී භාෂාව හා සාහිත්‍යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ හින්දී බස ප්‍රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකතා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ දීර්ඝකාලීන ශාස්ත්‍රීය හා සංස්කෘතික අත්දැකීම්වල ප්‍රමාණිකත්වයට සාක්ෂ්‍යයකි. මහාචාර්ය හේවාවිතානගමගේ විසින් සිදු කරන ලද මේ පරිවර්තන කාර්යයේ මට්ටම හුදු භාෂා කුසලතාව මතම පදනම් වී නැති අතර, ඒවා භාවාත්මක වශයෙන් හා සංස්කෘතික සන්දර්භයේදීද ඉහළ තලයක පවතින බව පෙනී යයි. මේ ජනකතාවලින් භාරතය සහ ලංකාව අතර පවතින සංස්කෘතික සේතුවට තවත් බාරසාර බවක් එකතු වෙන බව නිසැකය. මෙම ජනකතා සංග්‍රහය සිංහල පාඨකයන්ට මනෝරංජනයක් පමණක් ලබා නොදෙන්නක් වන අතර, භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. එමෙන්ම මෙම සද් කාර්යය භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්‍ෂේත්‍රවල පාඨකයන්ට සහ පර්යේෂකයන්ටද මහඟු අවස්ථා රැසක් උදා කර දෙන විශිෂ්ට කාර්යයක් බවට පත් වනු නොඅනුමානය.

මහාචාර්ය අංකුරණී දත්ත - අධ්‍යක්‍ෂ, ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ.

ISBN
9786242042862
පිටු ගණන (Pages)
484
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භාරතීය ජනකතා සියයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.