භව ද්වාර
එසේ නම් මගේ අනුමාබ නය නිවැරදිය. හිස මත මහා බරක් පටවා ඇති බවක් හා අවට අඳුරු වන බවක් දැනෙන විට මා සයනය මතින් අසුන් ගත්තේ දැතින්ම හිස බදාගෙනය.
එවන් දෙයක් සිදුවේදැයි කියා විශ්වාස කිරිමටද අපහසුය. මා ඉක්මනින් ඇමතුමක් ලබා ගත්තේ සංදේශ්ටය.
“භූමික.... කියහං... මං මේ උබ ගන්නකං බලං හිටියේ... මට තාම හිතාගන්න බෑ සෙනාලි සල්ලි අරන් මොකද්ද කරේ කියලා...” මා කිසිත් පැවසීමටත් පෙර සංදේශ් පැවසුවේ මා ඇඟිලි තුඩුවලින් නළල තෙරපවා ගන්නා විටය.
“සෙනාලි නෙවෙයි සල්ලි අරන් තියෙන්නේ...” මා එක්වරම එසේ පැවසුවේ මෙය තවදුරටත් මාගේ සිත තුළ රඳවාගෙන සිටීමට අපහසු බව දැනුණු බැවිනි.
“මොකක්...? සෙනාලි නෙවේ නම් කවුද කල්ලි අරගත්තේ...? අර බෑන්ක් එකෙන් ගත්ත විස්තරවල පැහැදිලිවම තියෙනවා ඒ එකවුන්ට් එක සෙනාලිගෙ කියලා...” සංදේශ් පුදුමයෙන් පිළිතුරු ලබාදුන් අතර ඔහුගේ හඬ සාමාන්‍ය ස්වවරයට ඩා උස් වූවා යැයි පැවසුවහොත් නිවැරදිය.
“මට සීයට දාහක් විශ්වාසයි සල්ලි අරන් තියෙන්නේ සෙනාලි නෙවෙයි කියලා. මං ඒ කොහොමද කියලා හරියටම කියන්නම්. උඹ මට කියහං සෙනාලි නැති උනේ හරියටම කවද්ද කියලා...” මා ලේ දන්දීම වෙනුවෙන් ලබාදෙන කාඩ් පත අතෙහි තබාගෙන සංදේශ්ගේන් විමසුවෙමි.
“සෙනාලි වැවේ ගිලිලා තිබබේ මාර්තු විස්ස. එදා රෑ වගේ වෙනකොට තමයි මටත් පණිවිඩය ලැබුනේ. මං එවලෙම මෙහෙන් පිටත් වුණා. උඹ දන්නවනේ එදාම මිනිය හම්බුනේ නෑ කියලා.” සංදේශ්ගේ ස්වරය සිහින් හා දුක්මුසු ස්වරූපයක් ගනු ලැබීය.
“දැන් අර විස්තරවල බලහං සල්ලි අරගෙන තියෙන්නේ කවද්ද කියලා...” මා පැවසුවේ සුසුමක් හෙලමිනි.
ඉන්පසු ගත වූයේ නිහඬ කෙටි තත්පර කිහිපයකි. සංදේශ් තොරතුරු පරික්ෂා කඑනු ඇතැයි මා අනුමාන කළෙමි.
“මාර්තු විසි තුන..” සංදේශ්ගේ හඬ යන්තමින් වෙවුලන ස්වරූපයකින් යුතුවිය. එය එසේ නොවූවානම්ද පුදුමය. සෙනාලි වැවට බිලි වූයේ මාර්තු විසි වන දින නම් ඇය විසි තුන්වන දින මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම කිසිසේත් සිදු විය නොහැක්කකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.