භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්
" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි.
එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප්‍රබල කටහඬකින් නියෝග දෙන්නට විය.
"අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා.
ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැති ශක්තිමත් සෘජු දේහයකට හිමිකම් කියන පොලිස් පරීක්ෂක රමේෂ් අධිකාරිය. ඔවුන් දුටු සීරෝ සිය ගොදුර අතහැර ඔවුන්ට මුහුණ දී සිටගත්තේය. අනතුරුව තමා අත වූ පිස්තෝලය බිමට දැම්මේය.
ඔබට තේරෙන්නේ නෑ නිලධාරිතුමා. ඇය ඉන්නේ ඔවුන් ළඟ. මම ඇයව බේරගන්න ඕන. සීරෝ තර්ජනාත්මක හඬකින් කීවේය.
'ඔහු අත්අඩංගුවට ගන්න. ඔහු යක්ෂයෙක්. ලඟට නම් යන්න එපා. වෙඩිතියල දාන්න.” කතා කිරීමට හැකිවූ විගස නැගිට ගත් ආරියසිංහ ඇමැතිවරයා උමතුවෙන් මෙන් පොලිස් පරීක්ෂකවරයා දෙසට හැරී අණ දෙන්නට විය.
"කට වහගන්න ඇමතිතුමා. අපි මෙතැනට ආවේ ඔහු වෙනුවෙන් නෙමෙයි. ඔබ වෙනුවෙන්. අපි ඔබට අත්අඩංගුවට ගන්නවා.” පොලිස් පරීක්ෂකවරයා විධාතාත්මක ස්වරූපයෙන් පැවසීය. "මො... මො.. මොකක්? නුඹට බැහැ එහෙම කරන්න. ඔහුයි මිනීමරුවා. ආරියසිංහ ඇමැතිවරයා ගොත ගසමින් කෑගසන්නට විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.