බොල් පිනි
About this book
විවාහක යුවළකගේ උත්තරීතර බලාපොරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරුවකුට මවුපියන් වීමයි. එහෙත් නොයෙක් හේතු මත ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වන යුවතිපතින් ද බොහෝය. එවන් විටක සමාජයෙන් මෙන්ම සැමියාගේ පවා දෝෂදර්ශනයට සහ අවමානයට ලක්වන්නේ ගැහැණියයි. ලේඛිකා දිනූෂා වීරරත්න බොල්පිනි නවකතාවට පාදක කර ගෙන ඇත්තේ එකී සුලබ තේමාව වුවද එකී වස්තුබීජය පුළුල් පරාසයක් ඔස්සේ විකාශනය කරමින් පාඨකයාට නැවුම් අත්දකීමක් ලබාදීමට කතුවරිය සමත් වී ඇත. එවැනි තත්වයකට මුහුණ දෙන බිරියකට ශක්තියක් වෙමින් එකී ප්‍රශ්නයට විසඳුම් සොයන්නට කැපවෙන ආදරණීය සැමියකු බෛාල්බිනි තුළජීවමාන කරන්නට දිනූෂා වීරරත්න දරා ඇත්තේ සාර්ථක වෑයමකි. වසර 2003 දී සිඳංගනා නවකතාව ප්‍රකාශයට පත්කරමින් නවකතාකරණයට පිවිසි දිනූෂා වීරරත්න දිගු නිහැඬියාවකට පසුව යළි නවකතාකරණයට ප්‍රවිෂ්ට වන්නේ 2019 වසරේදීයමේ වනවිට නවකතා දහයක් ප්‍රකාශනයට පත්කර ඇති දිනූෂා වීරරත්න එකී නවකතා දහයේදීම එකිනෙකට හාත්පසින්ම වෙනස් අනුභූතීන් භාවිතකර තිබීම විශේෂත්වයකි. ප්‍රායෝගික ලෝකයේ ජීවත් වෙන චරිත මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡාවට බඳුන් කරමින් එකී කරුණු පිළිබඳ පාඨක දැනුම අවබෝධය පුළුල් කිරීමට කතුවරිය සිය නිර්මාණ තැුළින් නිබඳව උත්සාහ කරන්නීය. එහෙත් ඒ සදහා ඇය උපයෝගී කරගන්නා මටසිලිටු ලයාන්විත භාෂා විලාසය සහ රිද්මයානුකූල බව නිසා පාඨකයාට වෙහෙසක් නොදැනීම දිනූෂා වීරරත්නගේ ලේඛනයේ ඇති අනන්‍යතාවයි. පිවරෙන් පියවර ලේඛන කලාවේ සංකීර්ණ ඉසව් ස්පර්ශ කරමින් නව මං සොයා යමින් සිය ප්‍රතිභාව විදහා පාන ලේඛිකා දිනූෂා වීරරත්න නවකතා ක්ෂේත්‍රයේ සාර්ථක සලකුණක් වන සුබ නිමිති පෙන්නුම් කරමින් සිටින බව පවසන්නේ සතුටිනි.
Details
ISBN
9786245784042
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review