මන්දාර
”ඔයාට හිතෙන්නේ නැද්ද අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලා..''
''මේක පවක්... ඔයාට තේරෙන්නේ නෑ.. මම ගෑනීයෙක් මන්දාර ඔයා ජීවිතේ පටන් ගන්නා විතරයි මට පව් එකතු කරන්න එපා..''
මන්දාර එක්වරම මා අතැර දැමුවේය. අතැර දමා අඩියක් පමණ මගෙන් ඈත් වුයේය. මගේ හදවත එකවරම තිගැස්සී ගියේ ගවු ගණනාවක් ඔහු මගෙන් ඈත් වුවා වාගේ හැඟීමකිනි. ඇස් තටු තිගැස්සෙන විට ඒවාට කඳුළු ගොඩ වීමට පෙර මම ඔහුගෙන් සඟවා ගනිම්. මෙහෙම ඈත් වෙන්න නම් ඔහු මට පෙම් කළේ කිමදැයි එකවරම සිතුනි.
''ඔය ඇස්වල කදුළු හැංගුවට ආදරේ හංගන්න බෑ නිට්ටෑවියේ.. පේනවනේ අඩියක් ඈත් වුණත් දරා ගන්න බෑ.. ඔයා පිලිනොගත්තට ඔයා දැන් මට ආදරෙයි... ඒ ආදරේ මගේ ආදරේට වඩා වැඩයි ප්‍රබලයි... කොහොමත් පිරිමි අපි වගේ නෙවේ ගෑනූ ආදරේ කරද්දී ඒක තනිකරම පිස්සුවක්... ඔයා හංගන්නේ මට අයිති දෙයක් මන්දි. ඒක නිසා එහෙම කරන්න එපා.. ඒක ඔයා ඔයාටම කරන අසාධාරණයක්..''
මන්දාර අර ඈත් වු අඩියට තව අඟලක් දෙකක් එකතු කර මට ළං වුයේය. ළංව මා වැලඳ ගත්තේය. ඔහුගේ ළය මත මහිස තෙරපවා ගත්තේය. ගැහැනියකගේ ළැම මත පිරිමියෙක් නිවෙන සැනසුම වගේම පිරිමි ළයක් මත ගැහැනියකට ඇත්තේ නිර්වචනය කළ නොහැකි දස දහසක හැඟීම්ය. සාගරගේ විවාහය තුළ ගෙවුණු වසර ගණනාවට නොදැනුණු සෙනෙහසක්, රැකවරණයක්, උණුසුමක්, මට පළමු වතාවට මන්දාර දෙනුවන් සූරියබණ්ඩාරගේ ළය මත දැනුනි. මම දෑස් තදින් වසා ගතිමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.