මන්දාර

Special Price රු. 1,840.00 Regular Price රු. 2,300.00
In stock
SKU
mandara-dinusha-weerarathna-dewmini-publication

”ඔයාට හිතෙන්නේ නැද්ද අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කියලා..''

''මේක පවක්... ඔයාට තේරෙන්නේ නෑ.. මම ගෑනීයෙක් මන්දාර ඔයා ජීවිතේ පටන් ගන්නා විතරයි මට පව් එකතු කරන්න එපා..''

මන්දාර එක්වරම මා අතැර දැමුවේය. අතැර දමා අඩියක් පමණ මගෙන් ඈත් වුයේය. මගේ හදවත එකවරම තිගැස්සී ගියේ ගවු ගණනාවක් ඔහු මගෙන් ඈත් වුවා වාගේ හැඟීමකිනි. ඇස් තටු තිගැස්සෙන විට ඒවාට කඳුළු ගොඩ වීමට පෙර මම ඔහුගෙන් සඟවා ගනිම්. මෙහෙම ඈත් වෙන්න නම් ඔහු මට පෙම් කළේ කිමදැයි එකවරම සිතුනි.

''ඔය ඇස්වල කදුළු හැංගුවට ආදරේ හංගන්න බෑ නිට්ටෑවියේ.. පේනවනේ අඩියක් ඈත් වුණත් දරා ගන්න බෑ.. ඔයා පිලිනොගත්තට ඔයා දැන් මට ආදරෙයි... ඒ ආදරේ මගේ ආදරේට වඩා වැඩයි ප්‍රබලයි... කොහොමත් පිරිමි අපි වගේ නෙවේ ගෑනූ ආදරේ කරද්දී ඒක තනිකරම පිස්සුවක්... ඔයා හංගන්නේ මට අයිති දෙයක් මන්දි. ඒක නිසා එහෙම කරන්න එපා.. ඒක ඔයා ඔයාටම කරන අසාධාරණයක්..''

මන්දාර අර ඈත් වු අඩියට තව අඟලක් දෙකක් එකතු කර මට ළං වුයේය. ළංව මා වැලඳ ගත්තේය. ඔහුගේ ළය මත මහිස තෙරපවා ගත්තේය. ගැහැනියකගේ ළැම මත පිරිමියෙක් නිවෙන සැනසුම වගේම පිරිමි ළයක් මත ගැහැනියකට ඇත්තේ නිර්වචනය කළ නොහැකි දස දහසක හැඟීම්ය. සාගරගේ විවාහය තුළ ගෙවුණු වසර ගණනාවට නොදැනුණු සෙනෙහසක්, රැකවරණයක්, උණුසුමක්, මට පළමු වතාවට මන්දාර දෙනුවන් සූරියබණ්ඩාරගේ ළය මත දැනුනි. මම දෑස් තදින් වසා ගතිමි.

Author දිනුෂා වීරරත්න - Dinusha weerarathna (15)
Publisher දෙව්මිනි ප්‍රකාශන - Dewmini Publication (25)
More Information
ISBN 9786245784226
පිටු ගණන 519
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මන්දාර
Back to Top