බොම්බෙමොටයි
හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක් උත්සාහ කළා. අම්මයි, මගේ බාප්පා ස්ටීව් හා මගේ පුංචි මල්ලිත් එහෙ ගියා. නමුත් මගේ ආදරණීය තාත්තා හැර දාලා යන්න මට හිත හදාගන්න බැරි වුණා. තාත්තා එක්ක කඩේ ගෙවා දාපු සති අන්තය මට හැම දේටම වඩා වටිනවා. තාත්තා ස්ටීව් වගේ මුදල් ඉපයීමට දක්ෂ නැහැ. තාත්තා චිප්, බටී වගේ කෑම හදන්න දක්ෂ වුනා. මා අම්මා සමඟ නොගිය නිසා ඇගේ සිත තදින්ම රිදුන බව මා දැන සිටියා. අම්මා ලබා දෙන සැප පහසුකම් තාත්තාගෙන් ලබා ගන්න බැරි බව මා දැන සිටියා. ඒ වුනත් මා අම්මා සමග නොයන්නට තීරණය කෙරුවා. තාත්තාට හිටියෙ මං විතරයි.
ඉතිං මං වෙන මොනවා කරන්නද ?...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.