බ්‍රසීලයේ කළු කොටියා
Special Price
රු. 621.00
Regular Price
රු. 690.00
In stock
SKU
brazilaye-kalu-kotiya-sir-arthur-conan-ananda-amarasiri-nalin
SIR ARTHUR CONAN DOYLE
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතිශයෙන් යථායෝග්‍ය විනෝදාස්වාදයක් පාඨකයා හට ලබා දිය හැකි අයුරින් ප්‍රබන්ධ කථා කරණයෙහි යෙදුණු ඉංගිරිසි සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයෙකි. අබිරහස් කතා කලාවේ පුරෝගාමීන් වූ එඩ්ගා ඇලන් පෝ, ආර්. එල්. ස්ටීවන්සන්, විල්කි තොලින්ස් වැනි සමකාලීනයන් අතරේ ඔහු සුවිශේෂ ස්ථානයක වැජඹෙයි. ඒ ඔහු ගේ ෂර්ලොක් හෝම්ස් කථාමාලාව හේතු කොට ගෙන ය.
එය ප්‍රචලිත මතය වුව ද ඔහු ප්‍රබන්ධ කථා කලාවෙහි ලා දැක්වූ ප්‍රතිභාව, ඔහු ගේ අනෙකුත් නිර්මාණ වලින් වඩාත් විශද වෙයි. මුහුදු කොල්ලකරුවන්, සොල්දාදුවන්, සෙන්පතියන්, ගවේශකයන්, වංචාකාරයන්, ගුප්ත විද්‍යාඥයන් ඔහු ගේ අනෙකුත් නිර්මාණ වල දී පාඨකයාට හමු වන චරිත ලෙස දැක්විය හැකි ය. ඔහු විසින් ලියන ලද සන්ත්‍රාසය, ගුප්තභාවය දනවන අතිශයෙන් ම ආකර්ෂණීය අබිරහස් කතා කිහිපයක් කියැවීමේ අවස්ථාව පාඨකයා හට මේ කෘතිය මඟින් උදා කැර දෙයි.