Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උඩු ගුවනේ භීෂණය

උඩු ගුවනේ භීෂණය

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ්‍යාහ්නය එළැඹී තිබිණ. හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යාදෝ නැත හොත් බුරුල් වී යාදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නියමුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය.

එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම්පනය වන්නට ද වූයේ ය. එහෙත් එල්ල වූ සියලු ප්‍රහාරයන්ට යානය මුහුණ දුන් අන්දම දැකීම කෙතරම්, අපූරු වී ද! ඈ තව දුරටත් සොබාදහම ජය ගත්තියක වූවා සේ ම, ආකාශතලයේ ප්‍රියාව ද වූවා ය.

ISBN
9786245858187
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උඩු ගුවනේ භීෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.