Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බ්‍රොන්ටේ සොයුරියෝ

බ්‍රොන්ටේ සොයුරියෝ

About this book

මෙතෙක් බිහිවූ වඩාත් ප්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්), වදරීන් හයිට්ස් (එමලි) සහ ඇග්නස් ග්‍රේ (ඈන්) ද අයත් වෙයි.

සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්- වැඩිහිටි චරිතාපදානයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත.

මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු ඡායාරූප බ්‍රොන්ටේ රසිකයන් විස්මයට පත් කරන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත.

19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්‍රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට්, චාලට්ගේ ප්‍රකාශකයාට තම අනන්‍යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක් ද, සහෝදරියන්ගේ නවකතාවල කෙටි, ප්‍රධාන සාරාංශ කීපයක් ද, සැබෑ ජීවිත අත්දැකීම් ප්‍රබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප්‍රබන්ධකරණයේ ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප්‍රබන්ධකරණයයේ විශිෂ්ට පුරෝගාමීන්වූ බ්‍රෝන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ෂණීය බැල්මකි.

Details
ISBN
9786245519279
පිටු ගණන (Pages)
179
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බ්‍රොන්ටේ සොයුරියෝ

Reviews are published once a member of our team has read them.