Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / බුලත්ගම්පත

බුලත්ගම්පත

About this book

රාජ්‍ය සම්මානලාභී ලේඛක යසවර්ධන රුද්රිගුගේ පනස් දෙවනි නිර්මාණය මෙම “බුලත්ගම්පත” යන යොවුන් නවකතාව වෙයි. සරසවි ප්‍රකාශනයක් වන ඔහුගේ “වනචාරීන් සමඟ වසරක්” යන යොවුන් නවකතාව අතිශයින් ජනප්‍රිය වූ අතර මේ වනවිට එහි සිව්වන මුද්‍රණයද එළිදක්වා තිබේ.

“බුලත්ගම්පත” නවකතාවට පසුබිම් වී ඇත්තේ කර්තෘගේ උපන් ගම වන බෝමිරිය ප්‍රදේශයෙන් කොටසක් දෙකට කැඩී කැලණි ගඟ දිගේ පාවී ගොස් අතරමඟ රැඳුණු සිද්ධියකි. ජනප්‍රවාදයේ දැක්වෙන අන්දමට ගම දෙකඩ වී ඇත්තේ දේව උදහසට ලක්වීමෙනි.

මෙම ජනප්‍රවාද සිද්ධිය බෝමිරියෙන් බිහි වූ ලේඛකයෙකු වන වී.ඩී ද ලැනරෝල් සූරීන්ගේ “අතීතය” නැමැති ග්‍රන්ථයේද සඳහන්ව ඇත.

යසවර්ධන මෙම සංසිද්ධිය පාදක කරගෙන ගැමි දරුවන් තිදෙනෙකුගේ වීර වික්‍රමයක් මේ නවකතාව තුළින් මනා ලෙස චිත්‍රණය කර ඇත. දරුවෙකු තුළ පැවතිය යුතු නොපසුබස්නා උත්සාහය, එඩිතරකම හා අප්‍රතිහත ධෛර්යයේ තරම මෙම නිර්මාණයෙන් මැනැවින් නිරූපණය වේ.

ISBN
9789553124203
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බුලත්ගම්පත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.