Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / රන්ගිරි අරණ
About this book

1990 වසරේ ප්‍රකාශිත ‘නෙල්ලි කැලේ වීරයෝ’ යොවුන් නව කතාවෙන් ග්‍රන්ථ කරණයට පිවිසි නිමල් බණ්ඩාර ඉන් අනතුරුව රචනාකළ ‘ගල්ගේ කන්ද’ (1993) ‘වන රජ දහන’ (1996) හා ‘සමුදුරු මේඛලා’ (1999) යන යොවුන් කතා වසර තිහක් පුරා දරුවන්ගේ ආදරයට පාත්‍ර වී ඇති නිසා සෑම වසරකම පාහේ ඒවා නැවත මුද්‍රණය කෙරේ. 

මේ පොත් සමූහයට අලුතින්ම එක්වූ ‘රන්ගිරි අරණ’ යොවුන් නවකතාව සඳහා තේමාව වී ඇත්තේ මුතුරාජවෙල තෙත්බිම, එහි කඩොලාන පද්ධතිය හා කුරුලු පරපුරේ සුන්දරත්වය, ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකා, මෙන්ම සමාජයෙන් බැටකන දරුවන් වෙනුවෙන් අන් අය කෙසේ සැලකිය යුතු ද යන්න විවරණය කිරීම සඳහා ය. 

2000 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ නිමල් බණ්ඩාර වෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. මහජන චීන සමුහාණ්ඩුව (2001-2005), නෙදර්ලන්තය (2006 - 2009), පකිස්තානය (2009–2012), ඉරාක ජනරජය (2014), සාර්ක් මහ ලේකම් කාර්යාලය, කත්මන්දු, නේපාලය (2015-2018), සිඩ්නි, ඔස්ට්‍රේලියාව (2019 - 2020) ආදී රටවල සේවය කළ ඔහු 2020 වසරේ සිට සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කළ අතර දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි. 

නෙල්ලි කැලේ වීරයෝ කෘතිය ඔහු අතින් ලියැවුණු ජනප්‍රියතම යොවුන් නවකතාව වූ අතර එය දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලට ද පරිවර්තනය කරනු ලැබීය.

ISBN
9786245638376
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන්ගිරි අරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.