Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා

මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා

ප්‍රවර්ග (Genre): ඓතිහාසික නවකතා
About this book

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරයන් විසින් රචිත 'මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා' කෘතිය තුළින් විද්‍යාමාන වන්නේ 1582 සිට 1815 දක්වා වසර 223ක් පුරා විරාජමානව බැබළුණු මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාන්විතයන්හි ඇතුළාන්තය යි. එම සබඳතාවයන් විවිධ පැතිකඩයන් ඔස්සේ පරිච්ඡේද 18ක් පුරා සැබෑ සාධක සහිතව මෙම ග්‍රන්ථයෙන් එළිදක්වා තිබේ.

මහනුවර රාජධානි සමයේ දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසය, පරිපාලන රටාව, රාජ්‍ය සේවය තුළ හා පරිපාලනය සඳහා අනියුක්ත කර සිටි නිලධාරී සමූහය, මහනුවර හා සම්බන්ධ වීමට තිබූ මාර්ග පද්ධතිය, විවාහ අනුසාරයෙන් ගොඩ නැඟුණු මහනුවර රාජධානියේ සබඳතා, හා එම විවාහයන් හේතුවෙන් රජ කිරුළ සිංහලයන්ට අහිමිවීමට හේතු වූ කරුණු, අනතුරුව බ්‍රිතාන්‍ය පරිපාලනයට ලංකාව නතුවීමට හේතු වූ උඩරට රදළවරුන්ගේ බලකාමී ක්‍රියාදාමය ද දකුණු ඉන්දියානු රාජධානි, රක්ඛංග දේශය, සියම් රාජධානිය, භාතවියේ ලන්දේසි මූලස්ථානය, මදුරාසි ප්‍රසිඩෙන්සිය, ඕලන්දය, ප්‍රංශය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඕලන්ද නැගෙනහිර වෙළඳ සමාගම, බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම ඇතුළු රටවල් ගණනාවක් සමඟ ගොඩනගා ගත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව මූලාශ්‍ර සමූහයක් සහිත පූර්ණ වාර්තාවන් මෙම ග්‍රන්ථයේ අඩංගු ය.

එසේම, මහනුවර යුගයේ පැවති තානාපති සේවාව පිළිබඳව හා කාලයක් අපගේ ඉතිහාසයෙන් වැසී තිබුණු පෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් පිළිමතලව්වේ මහාධිකාරමට මහනුවර රාජ්‍යයේ බලය පැවරීමට කටයුතු කළ ගිවිසුම ද මෙහි අන්තර්ගතය. ලංකා ඉතිහාසයෙන් කාලයක් වසන් වී තිබූ මෙවන් රසාලිප්ත තොරතුරු සමූහයක් සම්පිණ්ඩණය කරමින් රචිත ‛මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ' ග්‍රන්ථය රසිකයන් ඉතා ආදරයෙන් වැළඳගනු ඇති බව අපගේ විශ්වාසයයි.

ISBN
9786246446239
පිටු ගණන (Pages)
492
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහනුවර රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.