බිස්නස් පිස්සුව
විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව' එක්ක වැඩ කරන්න! එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව' එක්ක ආවේගශීලීව වැඩ කරන්න!
‛මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.