11.11
ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.
මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ 'අවස්ථාව' හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.