Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වසරේ CEO

වසරේ CEO

About this book

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ

සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා. සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉදලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්‍රාමයේ කැපකිරීම් තියෙනවා. ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ!

අපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල්වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද ‘කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා. ලැබුණෙ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්‍රාමය මේ විධායක ඉණිමගේ කෙලවරටම බඩගාන්න.

ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි.හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම ඒකට සුදුසුයි" කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.

ISBN
9786246588021
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසරේ CEO

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.