Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

චර, ඩිල්ෂාන් ක්‍රිෂාන්ත කුඩාහෙට්ටි විසින් රචිත ඔහුගේ කුලුඳුල් නිර්මාණයයි.

ඩිල්ෂාන් ක්‍රිෂාන්ත කුඩාහෙට්ටි යනු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා අන්තර්ජාතික අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන අතර, වර්තමානයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍යයෙකු ලෙස නීති අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා සහ බන්ධනාගාරගත ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයනාංශයේ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ද වනවා. විශේෂ කාර්ය බලකායේ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු හා පුහුණු උපදේශකවරයෙකු ලෙස වසර ගණනාවක අත්දැකීම් ඔහු දේශීය හා විදේශීය විශේෂ පුහුණුවීම්වලින් ලද දැනුම හා ආකල්ප ඔස්සේ ලද පරිචයෙන් ද මෙම ග්‍රන්ථය ප්‍රශෝභිත වන අතර තම දැනුම අනාගත පරපුර වෙත දායාද කරමින් සිටියි.

නීති ශිෂ්‍යයෙකු යනු හුදු නීති විෂයයන් පිළිබඳව පමණක් නොව නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් පරිපූර්ණ පුද්ගලයෙකු වීම වර්තමාන සමාජ සංකීර්ණතා හමුවේ අත්‍යවශ්‍ය සාධකයකි. ඩිල්ෂාන් ක්‍රිෂාන්ත කුඩාහෙට්ටි විසින් රචිත චර ග්‍රන්ථය කියවීමෙන් පසු මා අවබෝධ කොටගනු ලැබුවේ, වර්තමාන ශ්‍රී ලාංකික නීති ශිෂ්‍යයා යනු එවන් පෘථුල දැනුමක් හඹා යා හැකි සහ ඒ දැනුම නොයෙක් ඉමව් කරා නිර්මාණශීලීව විදහා පාන්නෙකු බවට පත්වෙමින් පවතින බවයි.

මෙම අගනා ග්‍රන්ථයේ අන්තර්ගතය මානව ඉතිහාසයේ ඉතා දීර්ඝ කාලපරාසයක් තුළ දිවෙන සාරගර්භ සංග්‍රහයකි. ලොව තුළ විවිධ රාජ්‍ය ආශ්‍රිත ඓතිහාසිකව පැවති චරපුරුෂ සේවාවන් මධ්‍යතන යුගය පසු කරමින් තත්කාලීන රහස් ඔත්තු සේවාවන් දක්වා විකාශනය වූ අයුරු පර්යේෂණාත්මකව හා පරිචිට වෙහෙසින් විග්‍රහ කොට තිබේ.

මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී ඩිල්ෂාන් ක්‍රිෂාන්ත කුඩාහෙට්ටි නීති ශිෂ්‍යයෙකු ලෙස ලැබූ දැනුමත්, බුද්ධි නිලධාරියෙකු හා බුද්ධි පුහුණු උපදේශකවරයෙකු ලෙස ලද පරිචයත්, ප්‍රායෝගික, විචක්ෂණභාවයන් අවස්ථානුරූපීව යොදවා තිබීම එහි මා දුටු සුවිශේෂී සාර්ථකත්වයකි.

අවසානයේ, නීති ශිෂ්‍යයෙකු, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු සහ පියෙකුගේ භූමිකාවන් හි සමබරතාව බිඳ නොගනිමින් මෙවන් නවවු නිර්මාණයක් එළි දැක්වීම පිළිබඳව ඩිල්ෂාන් ක්‍රිෂාන්ත කුඩාහෙට්ටි වෙත ප්‍රශංසනීය ප්‍රණාමය පුද කරමි.

ආචාර්ය හසිනි රත්නමලල
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ,
නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නීති පීඨය,
රත්මලාන

ISBN
9786240031028
පිටු ගණන (Pages)
340
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.