චෞර උන්මාදය
''දැන් මේ රටේ සියල්ලෝම චොරෝන්මාදයෙන් පසුවන්නේ යැයි පවසමින් අපිදු චොරයන් සේ හැසිරිය යුතු ද?” මල්හාමි මහරජාණෝ අනතුරුව මැහිරාල විමසුයේය.
''නැත මහ රජතුමනි, අප අනාගත පරපුර උදෙසා, අප දිනු දේශය, මලක රොන් ගන්නා භෘංගයකු පරිද්දෙන් නොතලා, නොපෙලා පරිහරණය කළ යුත්තේය. ඒ උදෙසා අප වටා සිටිනා සතුරන්ගෙන් ආරක්‍ෂා විය යුත්තේය. මිතුරා යැයි තෙපළමින් අත කර ලනවුන්ගෙන් ප්‍රවේශම් විය යුත්තේය. එමතු ද නොවේ. අල්ප වූ උන්මාදයක් තනා සිහිමද ගතියකින් පසුවිය යුත්තාහ. ප්‍රඥාව සගවා තැබිය යුත්තාහ. කැහුලෑ බැව් මොංගල් බෑව්, මද වශයෙන් ප්‍රකට කළ යුත්තාහ. ව්‍යාධියකින්, රුජාවකින් පෙළෙන්නා සේ පෑ යුත්තාහ. අරුත්සුන් වදන්, ඉච්ඡා බස්, දෙඩිය යුත්තාහ. වහසි බස් පුරසාරමි නොදෙඩිය යුත්තාභ. එවිට ජනයා උරණව නැගී නොඑන්නාහ. අප වස්තුව වලදුව උපයනු දැක දැක උන් හිහඬව ඉන්නාහ. ඌ අපේ එකෙකි. ඌ අත ඈතී නම් අපට ද ඉල්ලාගත හැක්කේ යැයි කල්පනා කරමින් ජනයා අහක බලා ගන්නාහ. ගරු නම්බුවෙන් ඇති ඵලය කුමක් ද? උගත්කමින් ඇති ඵලය කුමක් ද? පෙර කී සුදුසුකම් ඇත්තේ නම් මේ සමාජය ප්යගත හැක්කේය. තනතුරු උසස්වීම් ලද හැක්කේය. එය අපගේ වරදක් නොවේ. මහරජතුමනි, එය ආටෝප සාටෝප ආනුභාව සම්පන්න සමාජ ආතංගයකි. එබැවින් අප මෙය තේරුම් බේරුම් කොට සිහි කල්පනාවෙන් සිටිය යුත්තේ යැ”යි එවිට මැහිරාල කියා පෑයේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.