ක්ලැරිනටය වයන්නේ මගේ අයියා
'වැඩිහිටි ලෝකය තුළ ළමයා' යන්න මේ පොත සඳහා උප මාතෘකාව ලෙස යොදන්නට ඉතා කදිම ය.
සමහර වැඩිහිටියෝ කාරුණිකය, ස්වාර්ථයෙන් තොර ය, ධෛර්යවත් ය. සමහර අය ස්වාර්ථකාමී ය, බියගුළු ය. ළමෝ වැඩෙන්නේ වැඩිහිටියන් අතරේ ය. අලෙක්සින්ගේ පොත්වල එන ළමුන් මොන වාගේ ද? ඔවුන් හුදෙක් ළමුන් පමණක් ද?
නො එසේ නම් ඔවුහු ඔවුන් වටා සිදුවන සියල්ලෙහි කොටස්කරුවෝ ද? ලේඛකයා තම නව-යොවුන් වියේ පාඨකයින් සමඟ වැදගත් සහ අසීරු ප්‍රශ්න සාකච්ඡා කරයි. එක් විචාරකයෙක් සඳහන් කරන ආකාරයට ඔහුගේ කතා, නව යොවුන් වියේ ළමයා කෙරේ ගෞරවයෙන් පිරී තිබේ. ලේඛකයා ඔහු තුළ ශිෂ්ට මනසැති, සත්‍යවාදී සහ දිරිමත් පුද්ගලයෙකු දකී.
ළමුන්ට අදාළ වෙන දේ අප සියල්ලට ද අදාළ වේ. අනතොලි අලෙක්සින්ගේ පොත් උනන්දුව ඇති කරවන්නේ තරුණ වියේ එළිපත්තේ සිටගෙන සිටින අයට සහ එම එළිපත්ත පැන බොහෝ දිගු කලක් ගතවූවන්ට ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.