කොරෝනා කාලය
දශක තුනක කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙසත් එම කාල සීමාව තුළ රාජ්‍ය සේවයේ මාධ්‍ය නිලධාරියෙකු ලෙසත් දශක දෙකකට ආසන්න කාලයක් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ කිහිපයක සේවය කර ඇති ව.අ. සරත් ලාල් කුමාර අත්දැකීම්ලත් මාධ්‍යකරුවෙකි.
විවිධ විෂයන් අළලා කෘති ගණනාවක් ලියා පළකර ඇති ඔහු රුසියානු සාහිත්‍ය ප්‍රචලිත කිරීමෙහිලා ප්‍රකාශණ කාර්යයේ නියුතු වන්නේකි.
කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රකාශයට පත්කරන "රුසියාව" ත්‍රෛමාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙසත්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ප්‍රකාශයට පත් කරන "මහජන චීනය" ද්විමාසික සඟරාවේ සංස්කාරකවරයා ද වන සරත් ලාල් කුමාර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කුසලතා දක්වන්නෙකි.
මෙවර ඔහු විසින් රචිත කොරෝනා කාලය කෘතිය, මෙරට සාහිත්‍යකරුවන්ට, මාධ්‍යවේදීන්ට, විචාරකයින්ට හා කවරහෝ මාධ්‍යයක නියැලෙන්නෙකුට මහඟු ආදර්ශයකි.
මාස දෙකකට අධික කාලයක් නිරෝධායනය කාලයක් තුළ නිවෙස්වලට සිරගතව සිටි බොහෝ දෙනෙකු නිකම්ම තම කාලය කාදැමූ, කාල වකවානුවක කොරෝනා කාලය කෘතිය ලියූ ලාල් කුමාර කාලානුරූපව තම නිදහස් කාලය නිර්මාණාකරණය සඳහා කැප කිරීම අගේ කළ යුතු වේ.
-ආචාර්ය රත්නපාල වීරසේකර
ලාට්‍රෝබ් - ඔස්ට්‍රේලියාව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.