ඩෝන් ට්‍රෙඩර් නෞකාවේ චාරිකාව (NARNIA)
නානියාව වෙත ආපසු පැමිණීමේ වරම හිමි පිවෙන්සි පවුලේ බාලයන් දෙදෙනා වන එඩ්මන්ඩ් හා ලුසි ඔවුන්ගේ ජීවිතයේ අවසන් වතාවට ඇස්ලන්ගේ ඒ මායා දේශයට පිය නඟති. ඒ තනි ව ම නො ව, ඔවුන් දැඩි සේ අප්‍රිය කරන ඤාතී සොයුරකු වන යූස්ටස් ස්ක්‍රබ් ද සමඟ ය. ඔවුහු තිදෙනා කැස්පියන් කුමාරයා ද සමඟ ‛ඩෝන් ට්‍රඩෙර්' නමැති නැවකින් නානියාවේ එතෙක් කිසිවකුත් නොයෙදුණු අන්දමේ ත්‍රාස ජනක මුහුදු ගමනකට එක් වෙති. මෙහි දී ඔවුන්ට මුහුණ පෑමට සිදු වන්නේ, ඒ විස්මිත නානියා දේශයේ දී වුව, ඔවුන් කිසි විටෙක අපේක්ෂා නො කළ ආකාරයේ අරුම පුදුම අත්දැකීම්වලට ය!
සී. එස්. ලූවිස්ගේ පෑන් තුඩින් ජීවය ලද නානියා වංශ කතාවලියේ තුන් වැන්න වන ‛ඩෝන් ට්‍රඩෙර් නැවේ මුහුදු චාරිකාව’ ඇතැම් විට මේ පොත් පෙළෙහි එන විචිත්‍ර ම කතාව ලෙස ද සැලකිය හැකි ය. පුරාවෘත්ත, මිථ්‍යා ප්‍රවාද, පුරාණ දේව කතා හා ජන කතා ආදිය යහමින් ප්‍රයෝජනයට ගෙන ෆැන්ටසි සාහිත්‍යය ශානරයේ සෑම ඉසව්වක් ම ස්පර්ශ කරමින් ලියැවී ඇති මේ ළමා ප්‍රබන්ධය, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු ළමා සාහිත්‍ය කෘතීන් අතර සැබැවින් ම ඓශ්චර්යවත් නිර්මාණයකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.