Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රිදී මායා අසුන (NARNIA)

රිදී මායා අසුන (NARNIA)

About this book

ආශ්චර්යවත් නානියා දේශය වෙත යෑමේ වරම පිවෙන්සි දරුවන් හට තව දුරටත් උරුම නො වුව ද, ඔවුන් සමඟ ඩෝන් ට්‍රෙඩර් නැවෙහි මුහුදු ගමනට එක් වූ යූස්ටස් ස්කූබ් සම්බන්ධයෙන් කරුණු එසේ නො වේ. මෙවර ඔහු ඇස්ලන්ගේ කැඳවීම අනුව ජිල් පෝල් නම් සිය මිතුරියක ද සමඟ නානියාව වෙත පැමිණෙයි. එහි දී හරිත මායාකාරියක විසින් පැහැර ගනු යනු ලැබී ඇති කුමරකු සොයාගැනීමේ වගකීම ඇස්ලන් ඔවුන්ට පවරයි. ඒ කුමාරයා සොයා ගනු සඳහා නානියාවේ උතුරුකරයේ දරුණු යෝධයන්ගේ රාජධානිය ද, ඊට පසු ඊටත් වඩා බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන පාතාල රාජධානියට ද ඉතා දුෂ්කර ගමනක යෙදීමට ඔවුන්ට සිදු වෙයි. ඒ ගමනේ දී ඔවුන්ට යෝධ බකමූණන්ගේ ද දඬු ගොහොරු දණ්ඩන්ගේ ද ආධාර උපකාර හිමි වෙයි.

පැරණි බටහිර සාහිත්‍යයේ එන පුරාවෘත්ත, ජනකතා, දේවකතා හා සුරංගනා කතා ආදියෙහි ආභාසය ලැබ සී. එස්. ලුවිස් විසින් ප්‍රබන්ධ කරන ලද නානියා වංස කතා මාලාවේ හතර වැන්න වන ‛රිදී මායා අසුන’ මේ කතා පෙළෙහි අනෙක් සැම පොතක් සේ ම, ළමයින්ගේ කියවීමේ රුචිය වඩවන, ඔවුන්ගේ පරිකල්පනය පුබුදුවන නිර්මාණයකි.

ISBN
9786245533329
පිටු ගණන (Pages)
233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිදී මායා අසුන (NARNIA)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.