කැස්පියන් කුමාරයා (NARNIA)
පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන 'කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.