Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මේඩ්න්ස්
About this book

'මේඩ්න්ස්' වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත් ප්‍රේමයේත්-වියෝ දුකෙහිත් කතාන්තරයයි.

කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.

වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.

ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.

ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි 'මේඩ්න්ස්' නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.

මීනිමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොදින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.

සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

ISBN
9786245579068
පිටු ගණන (Pages)
551
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේඩ්න්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.