ධ්වනිත
About this book
ධ්වනිත ධාරණ්‍ය ධ්‍රැතරාක්ෂ...
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථාව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.
සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැව් පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත. අවසානයේ සිය දෙතොල්
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද
වී ඇත.
ප්‍රේමය... එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන ...
සියලු පැතුම් සුනු විසුණු වෙන....
සියලු අරමුණු සුළගේ ගසාගෙන යන...
එය මරණීය වේදනාවකි.
Details
ISBN
9786245999156
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review