Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / දිරිය දරුවෝ

දිරිය දරුවෝ

About this book

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මූසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරීක්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය‍ සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

"මොකොටෙයි බං ඒ රිංගුවෙ?" අභීත විධුරගේ කනට කර ඇසුවේය.

"නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”

"ඇතුළෙ ඉන්න තරම් ඉඩ තියෙනවයි"

" කළුවර හින්ද ඊයෙ බලාගන්න බැරි වුණානෙ."

"කොහොම වුණත් මේකෙ රහසක් තියෙන්න ඕනෑ.”

"හොයමු."

ISBN
9786245579136
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිරිය දරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.