Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිවිදෙනකට පෙම් කළෙමි

දිවිදෙනකට පෙම් කළෙමි

About this book

ලුසීලිගේ වාත්තු කළාක් බඳු ශරීරය දෙස පුරුෂයින් නෙත් හෙළුවේ කුසගින්නේ පෙළෙන වෘකයින් රෑනක් ලෙසිනි. ඇය දුටු ප්‍රථම මොහොතේම හදවත මධ්‍යයට දරුණු ප්‍රහාරයක් වැදුණු කලෙක මෙන් මම සලිතව ගියෙමි. ඇයට වඩා වයසින් දෙගුණයකින් වැඩි ධනවත් ව්‍යාපාරිකයෙකු සමඟ ලුසීලි විවාහ වී සිටිනවා දැකීම මගෙ සිතට මහත් ප්‍රශ්නයක් විය.

ලුසීලි හඳුනා ගෙන දින පහක් ඇතුළත මම ඇය කෙරෙහි අන්ධයෙකු මෙන් පෙම් කළෙමි. ඇය වැනි ලඳකට පෙම් කිරීම දිවිදෙනක් සමඟ කරන භයානක ක්‍රීඩාවක් වැනිය. ඇය කිණිසි තලයක්, වස බිංදුවක් මෙන් අති භයානක බව මම දැන නොසිටියෙමි.

ඇයට හදිසියේ රියැදුරු පුහුණුවක් ලබා ගැනීමට ආශාවක් ඇති වූයේ ඇයි? පාළු මුහුදුබඩ මාර්ගයේදී පොලිස් නිලධාරියෙකු හදිසි අනතුරුකට භජනය වූ පසු අනතුරු සිදු කළ මොටර් රථය අතුරුදන් වූයේ ඇයි. සඳ ඇති රැයක අප දෙදෙනා පාළු මුහුදු වෙරළක කළ අනඟ රැඟුම් ගැන ඇගේ ස්වාමිපුරුෂයාට හෙළිකරනවා යැයි අනතුරු අඟවා අපෙන් කප්පම් ඉල්ලා සිටියේ කවුද?

ISBN
9789553121967
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිවිදෙනකට පෙම් කළෙමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.