දිවිදෙනකට පෙම් කළෙමි
ලුසීලිගේ වාත්තු කළාක් බඳු ශරීරය දෙස පුරුෂයින් නෙත් හෙළුවේ කුසගින්නේ පෙළෙන වෘකයින් රෑනක් ලෙසිනි. ඇය දුටු ප්‍රථම මොහොතේම හදවත මධ්‍යයට දරුණු ප්‍රහාරයක් වැදුණු කලෙක මෙන් මම සලිතව ගියෙමි. ඇයට වඩා වයසින් දෙගුණයකින් වැඩි ධනවත් ව්‍යාපාරිකයෙකු සමඟ ලුසීලි විවාහ වී සිටිනවා දැකීම මගෙ සිතට මහත් ප්‍රශ්නයක් විය.
ලුසීලි හඳුනා ගෙන දින පහක් ඇතුළත මම ඇය කෙරෙහි අන්ධයෙකු මෙන් පෙම් කළෙමි. ඇය වැනි ලඳකට පෙම් කිරීම දිවිදෙනක් සමඟ කරන භයානක ක්‍රීඩාවක් වැනිය. ඇය කිණිසි තලයක්, වස බිංදුවක් මෙන් අති භයානක බව මම දැන නොසිටියෙමි.
ඇයට හදිසියේ රියැදුරු පුහුණුවක් ලබා ගැනීමට ආශාවක් ඇති වූයේ ඇයි? පාළු මුහුදුබඩ මාර්ගයේදී පොලිස් නිලධාරියෙකු හදිසි අනතුරුකට භජනය වූ පසු අනතුරු සිදු කළ මොටර් රථය අතුරුදන් වූයේ ඇයි. සඳ ඇති රැයක අප දෙදෙනා පාළු මුහුදු වෙරළක කළ අනඟ රැඟුම් ගැන ඇගේ ස්වාමිපුරුෂයාට හෙළිකරනවා යැයි අනතුරු අඟවා අපෙන් කප්පම් ඉල්ලා සිටියේ කවුද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.