Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඩොමිනේටර්

About this book

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප්‍රදේශවල සිදුවූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ්‍රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම FBI ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදි නව ඝාතන රැල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් යටපත්ව තිබූ සර්ජන් භීතිකාව යළිත් නගරය වෙළාගැනීමට සමත් වෙයිද?

'සර්ජන්' හි ප්‍රධාන චරිතයන් සියල්ල සමඟින් Tess Gerritsen විසින් තම Rizzoli and lsles නව කතා මාලාවේ තවත් ප්‍රධාන චරිතයක් වන අධිකරණ වෛද්‍ය මූරා අයිල්ස් මෙම කෘතිය තුළින් හඳුන්වා දෙනු ලබන අතර Rizzoli and lsles නව කතා මාලාවේ දෙවැන්න වන මෙම කෘතිය වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවද මුසුවූ “Crime Suspense” සහ “Medical Thriller” ශානරයට අයත් වේ.

Details
ISBN
9786246585198
පිටු ගණන (Pages)
307
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඩොමිනේටර්

Reviews are published once a member of our team has read them.