Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දොන් කිහොතේ 2

දොන් කිහොතේ 2

About this book

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ’ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.

එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වගොස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කශ්කා, ගෝර් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.

සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්, තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.

ISBN
9789553136695
පිටු ගණන (Pages)
640
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දොන් කිහොතේ 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.