දූවිල්ලේ රැඳුණ පියසටහන්
ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකකම පාහේ දැකිය හැක්කේ, ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඕස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත්‍රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප්‍රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම් සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන කතුවරයා, ඉන්පසු කරන සඳහනෙහි ඇත්තේ, ත්‍රිපිටකය පුරා විසිර තිබුණ බුදුන් වහන්සේ සම්බන්ධ පොඩි පොඩි තොරතුරු රාශියකි. උන් වහන්සේ කෙබඳු කෙනෙක් ද යන්න පිළිබඳ චිත්‍රය පරිපූර්ණ එකක් වන්නේ, ඒවා සියල්ල එකට එකතු කළ විට ය. බුදුන් වහන්සේගේ උස, මහත සහ පෙනුම, උන් වහන්සේගේ ගමන් බිමන්, උන් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් සිතූ දේ, උන් වහන්සේගේ දෛනික චර්යාව සහ ඉගැන්වීමේ විලාසය සහ වඩාත් ම වැදගත් ලෙස, උන් වහන්සේගේ අසාමාන්‍ය ඉවසීම සහ කරුණාව පිළිබඳ විස්තරයක් පොත අපට සපයන අතර, බුදුන් වහන්සේ ගැන අපට කියනු ලබන සහ සැමවිට ම අප විශ්වාස කර තිබෙන බොහෝ දේ ත්‍රිපිටකයෙන් සොයාගත නොහැකි බව ද අපි මෙයින් උගනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, සැබෑ මිනිසෙකු පිළිබඳ යථාර්ථවාදී සහ බලගතු චිත්‍රයකි. සවිස්තරාත්මක
තොරතුරු ඉදිරිපත් කිරීමකට සූක්ෂම ලෙස යොමු කර ඇති මේ පොත, ඉතිහාසයේ වැදගත් ම චින්තකයෙකු හොඳින් දැන හඳුනා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය කියවීමක් වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.