සාමණේර නමකගේ මතක සටහන්
ක්‍රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග්‍රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ්‍යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක්‍රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, GLOBAL PEACE PRIZE සම්මානය ප්‍රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු වූ උන් වහන්සේ, 21 වන සියවස සඳහා සමාජය හා සබැඳි බුදු දහම හඳුන්වා දුන්හ.
පරිවර්තක:
1973 පෙබරවාරි අට වන දින දිවුලපිටිය, කුඩගම්මන ශ්‍රී සුදස්සන චේතියාරාමයෙහි දී පැවිදි ව, කොළඹ 2, හුණුපිටිය ශ්‍රී ජිනරතන මාවතේ, ගංගාරමස්ථ ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයයෙන් පුහුණුව ලද කුඩගම්මන සීලරතන, උතුරු ඇමරිකාවේ මධ්‍ය ප්‍රදේශයෙහි මිචිගන් විල බඩ, මිල්වෝකි නගරය වාසය සඳහා තෝරා ගන්නේ 2004 වසරේ සිට ය. මේ පොත, හුදෙක්, නූතන ශ්‍රී ලාංකික බෞද්ධ ශාසනික පරිසරය තුළ සම්ප්‍රදායයන් බවට පත්ව තිබෙන අනේක විධ ජුගුප්සා ජනක අත්දැකීම්වලට ගොදුරු ව, තවත් දඩයක්කරුවකු බවට රූපාන්තරණය නොවී, තවදුරටත් සිවුර දරා හිඳිමින් ශාසනික ජීවිතය තුළ කිසියම් ඵලදායිත්වයක් අත් කර ගැනීමට සිතන ‘හෙට භික්ෂුව’, සාමුහිකයෙහි උද්‍යෝගය මත සම්පාදනය කෙරෙන්නකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.