දුම්රියේ යුවතිය
About this book
මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, මාත් බොනවා, ඒත් අපට නම් කියන කරන හැම දෙයක් ම හොඳට මතකයි. ඒත් බිව්වාම සැහැල්ලූවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. කි‍්‍රයාකාරිත්වය ටිකක් අධික වෙනවා. බිව්වා කියලා කෙනෙක් ට දෙයක් මතක නෑ කියලා කියනවා නම් ඒක එයාගේ වාසියට කියන දෙයක්.
මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප‍්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?
ඔබ හිතන්නේ ඔබ මහ අකරුණාවන්ත, ලැජ්ජාවක් බයක් නැති, නින්දිත ලෙස හැසිරෙන ගනිකාවක් වගේ ගැහැනියක් කියලයි. නමුත් ඔබට කවදා හරි වැටහුනා නම්, නෑ, මම මේ දේ කරලා නෑ, මගේ සිහිය විකල් වෙලා නෑ, මම අහන දකින දේ තමයි හරි. මම ඔය කිව්ව කිසි දෙයක් මච්චර කල් කරලා නෑ කියලා අවබෝධ වුණාම මොනවද හිතෙන්නේ? ඒ වාගේ ම ඔබේ සැමියා... නෑ මම ඒක කියන්න යන්නේ නෑ. ඔයාලම කියවලා බලන්න.
Girl on the train - දුම්රියේ යුවතිය - පරිවර්තනය කෝශලී සිරිචන්ද්‍ර
Details
ISBN
95577
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Dumriya sthanye charya.mandalyaPi
Write a review
Write a review