Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුෂ්ඨයාගේ ප්‍රේමය

දුෂ්ඨයාගේ ප්‍රේමය

ප්‍රකාශක (Publisher): රූ ක්‍රියේෂන්ස් - Ruu Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‛ඔසර ශශ්වින්ද තේජවර්ණ’

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි.

තමාගේ ප්‍රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප්‍රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප්‍රේමයකි.

තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වූ සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප්‍රේමය විටෙක තමාට දැරිය නොහැකි තරම්ය.

කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන විට උමතුවෙන් මෙන් ඔහුට පෙම් කරනවා නොවේද?

තමාගේ ජීවිතයේ සියලූම රසයන් ඔහු සොරා ගත්තේ තමාටද නොදැනෙන ලෙසය. ඔහුගේ අනුරාගී සිපුමක් නොමැතිව දිනයක් ගෙවිය නොහැකි වන තරමට තමා ඔහුට ඇබ්බැහි වී ඇත..

එහෙත් මන්සදී ඒ සියල්ල ඔහුගෙන් වසන් වන අයුරින් සුපුරුදු ආඩම්බර ලීලාවෙන් කටයුතු කරන්නේ විටෙක ඔසරව කෝප ගන්වමිනි.

ISBN
9786249383616
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුෂ්ඨයාගේ ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.