දුට්මි නෙතින් කසුප් නිරින්ද් ස්වර්ණ පුස්තක සම්මාන 2010
සීගිරිය, මහා කාශ්‍යපයන් ගේ සෞන්දර්යකාමී චින්තනය
හා පුද්ගල වින්දනය ප්‍රකට කරන දර්පණ තලයයි. හෙළ
සංස්කෘතික ස්මෘතිය කෙරෙහි තවමත් ආනුභාව පාන්නේ
කාශ්‍යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොඳින්
පැහැදිලි ය. සිංහලවංශ කතාකරුවන් විසින් ඉතා ඛේදනීය
ලෙස අමතක කර දමා ඇත්තේ ද කාශ්‍යපයන් ගේ මේ
විප්ලවීය අදහස් ය. ඔවුන් විසින්ඉස්මතු කර පෙන්වන්නට
තැත් කර ඇත්තේ පීතෘ ඝාතකයෙකු ලෙස ඔවුන් විසින් ම
හැඳින්වූ කාශ්‍යපයන් ගේ රළු පරළු චරිතයයි.
රූපා ශ්‍රියානි ඒකනායක ගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද්
නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජු
ගේ මහාදාර්ශනික චින්තාවෙන් නො මඳ ආස්වාදයක් ලබමින්
චිරචිත ය. නවකතාව ලිවීමේ දී කතුවරිය විසින් උපයෝගී
කර ගෙන ඇති රසාලිප්ත අදහස් කාශ්‍යප චින්තනය ගැන
අතන සාහිත්‍යකරුවන් ගේ විචාරක්ෂිය ඉඳුරා ම යොමු
කරවන්නකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙස
සේවයේ නියුතු ව සිටි රූපා ශ්‍රියානි ඒකනායක වත්මන් සිංහල
නවකතාකරුවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන
සිටින සම්මානනීය ලේඛිකාවකි. මෙසේ නව මුද්‍රණයක් ලෙස
පාඨකයා අතට පත්වන ඇය ගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද්
කෘතියට 2010 වසරේ හොඳම නවකතාවට හිමි ගොඩගේ
සාහිත්‍ය සමසම්මානය පිරිනැමිණි. මීට පෙර ඇය අතින්
ලියැවුණු තරු බඹසර 2007 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය
සඳහා අවසන් වටයටනිර්දේශ වූ අතර, සිටුවර පුවත 2012
වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබී ය. 2018
වසරේ ප්‍රශස්ත නවකතාව ලෙස සෝඛන මාලිගා සමස්ත ලංකා
බෞද්ධ සම්මේලන සාහිත්‍ය සම්මානයට ද, එම නවකතාව හා
නුවරට යනකං රිලෝඩ් කෙටි කතාසංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය
සම්මාන අවසන් වටයට ද නිර්දේශ විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.