Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් 

පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින්

සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට 

පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. 

එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප්‍රේමයේ 

දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි 

පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද 

කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ 

සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු 

සාමාන්‍ය සිද්ධියක් ලෙස ය. 

 

එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය 

විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු 

මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර 

අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. 

එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොනු වන 

දුක්ඛිත වූත්, විචිත්‍රවත් වූවුන් සිද්ධි රාශියක් සිතට ඇතුළු වෙයි. 

විජයයි කුවේණියයි නවකතාව තුළින් මා පාඨක මනසේ 

ද සිත්තම් කිරීමට වෑයම් කරන්නේ කුවේණිය පිළිබඳ මා 

මනසෙහි ජනිත වූ ඒ නොයෙක් විචිත්‍රවත් අදහස් සමූහයකි.

 

රූපා ශ්‍රියානි ඒකනායක ගවේෂණශීලී ලේඛිකාවකි.

සෙංකඩගල මහ බිසෝ නවකතාවේ දී මෙන්ම මෙම විජයයි 

කුවේණියයි නවකතාවේ දී ද ඇය ඓතිහාසික මූල සාධක

අර්ථාන්විතව ගළපා ගනිමින් චරිත ප්‍රතිනිර්මාණයෙහි 

යෙදෙන අයුරින් ම ඇයගේ ප්‍රතිභාව හා 

ස්වීයත්වය වඩාත් කැපී පෙනෙයි.

 

ඇය අතින් ලියැවුණු සිටුවර පුවත නවකතාවට 

2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය.

ISBN
9789558892009
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විජයයි කුවේණියයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.