Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ

About this book

යම් දෙයක ඇති සැබෑ තත්ත්වය මනාකොට විමසා නිවැරදි ලෙස තෝරා බේරා ගත හැකි තීක්ෂණ කල්පනා ශක්තියෙන් යුතු, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තමන් හදාරමින් සිටි ගෞරව උපාධිය ද අතරමඟ අතහැර ලක්දිව පුරා භාවනා මධ්‍යස්ථාන, ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින් බුදුන් වදාළ ධර්මය, සොයමින් ගත කළ වෙහෙසකර අවධිය මාහට තවම මතකය.

මුන්වහන්සේ නිමල වනයේ සාමීවරුන්, යෝගීන් ද ඇසුරු කරමින් සමා්‍යන්තර ඥාණය ලබමින් වසර තුනහමාරක පමණ කාලයක් වරින් වර ඉන්දියාවේ ගත කරමින් ස්වකීය ආධ්‍යාත්ම ගවේෂණය තව තවත් පුළුල් කරගත්හ.

බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ඉතා විස්මය ජනක දැනුමකින් මෙන්ම ප්‍රායෝගිකව එම දැනුම ගලපා ගැනීමට වෙහෙසෙන, දුර්ලභ ගණයේ භික්ෂුවක් වන මේ යතිවරයාණෝ 1999 දී කතෝලික මවකට සිය වකුගඩුවක් ද දන් දෙමින් තව දුරටත් තම ගමන් මග වේගවත් කරගත්හ.

සද්ධර්මය පිළිබඳ ඕනෑම ගැටළුවකදී පැහැදිලිව හා නිවැරදිව පිළිතුරු සැපයිය හැකි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අස්මදාචාර්ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් ද වේ.

පූජ්‍ය කොටපොල අමරකීර්ති හිමි

ISBN
9789556860597
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ඉතා වටිනා ග්‍රන්ථයකි
    "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ" ග්‍රන්ථය මා කියවූ ඉතාම වටිනා ග්‍රන්ථය යැයි කිව හැක. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එක් එක් කොටසෙහි පාලි පාඨ වල අර්ථද, සිංහලෙන් එම අර්ථ ගැළපෙන ආකාරයද, එම කොටස් විස්තර වශයෙන්ද ඉතා පැහැදිලිව දක්වා ඇති බැවින් සහ ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සරල සිංහලෙන් ග්‍රන්ථය සම්පාදනය කර ඇති බැවින් ඕනෑම අයෙකුට මහා සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගැනීමට මෙම ග්‍රන්ථය භාවිතා කළ හැක. තෙරුවන් සරණයි!!!
    SMS ·
Write a review
Write a review

You're reviewing: ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.