එදා ගමේ අවුරුදු සිරිත්
සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප්‍රධානතම සංස්කෘතික උලෙළයි. ජාතියක් වශයෙන් එකම වේලාවක එකම අරමුණකින් වැඩ කිරීමටත් සාමය සමඟිය සහජීවනය සමාජය තුළ වගා දිගා කර ගැනීමටත් අලුත් අවුරුදු සිරිත් විරිත් බෙහෙවින් දායක වෙයි.
එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ්‍යතාවයි.
පරිසරයේ වෙනස් වීම්, අවුරුදු චාරිත්‍රවලට පෙර සූදානම, අවුරුදු නැකත්, කෙළි සෙල්ලම්, මඟුල් තුලා ආදි බොහෝ කරුණු මෙම කෘතියේ විස්තර වෙයි. පැරැණි ගැමියන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අත්දැකීම්ද භාවිතයට ගනිමින් මේ කෘතිය සංග්‍රහ කොට ඇති නිසා එහි විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වී තිබේ.
සිරි රණසිංහ
ලංකාදීප ප්‍රධාන කර්තෘ,
අධ්‍යක්ෂ,
විජය පුවත්පත් සමාගම
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.