Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / එදා ගමේ අවුරුදු සිරිත්

එදා ගමේ අවුරුදු සිරිත්

About this book

සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප්‍රධානතම සංස්කෘතික උලෙළයි. ජාතියක් වශයෙන් එකම වේලාවක එකම අරමුණකින් වැඩ කිරීමටත් සාමය සමඟිය සහජීවනය සමාජය තුළ වගා දිගා කර ගැනීමටත් අලුත් අවුරුදු සිරිත් විරිත් බෙහෙවින් දායක වෙයි. 

එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ්‍යතාවයි. 

පරිසරයේ වෙනස් වීම්, අවුරුදු චාරිත්‍රවලට පෙර සූදානම, අවුරුදු නැකත්, කෙළි සෙල්ලම්, මඟුල් තුලා ආදි බොහෝ කරුණු මෙම කෘතියේ විස්තර වෙයි. පැරැණි ගැමියන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අත්දැකීම්ද භාවිතයට ගනිමින් මේ කෘතිය සංග්‍රහ කොට ඇති නිසා එහි විශ්වාසනීයත්වය වඩාත් තහවුරු වී තිබේ. 

සිරි රණසිංහ 

ලංකාදීප ප්‍රධාන කර්තෘ, 

අධ්‍යක්ෂ, 

විජය පුවත්පත් සමාගම

ISBN
9789556564433
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එදා ගමේ අවුරුදු සිරිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.