අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
einstein-men-sithanne-daniel-premashantha-kumarasiri-s-&-t-group

පෘථිවි ග්‍රහලෝකය මත මෙතෙක් පහළ වූ අසාමාන්‍ය බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සෛද්ධාන්තික භෞතික විද්‍යා‍ඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ විවිධාකාර පැතිකඩ රැසක් විවරණය කෙරෙන මෙම කෘතිය සාම්ප්‍රදායික චරිතාපදාන රටාවට වඩා වෙනස් ආකෘතියකින් නිර්මාණය කර ඇති නිසාම එයටම ආවේණික වූ සුවිශේෂත්වයකින් පරිපූර්ණ වෙයි.

ඇල්බට් අයින්ස්ටයින් සිය හැත්තෑ හය වසරක දිවිමග තුළ ඉටු කළ කාර්ය සාධනය මෙන්ම එයට පසුබිම් වූ මානසික, කායික, අධ්‍යාත්මික, සමාජීය හා දේශපාලන වාතාවරණය මෙහි සියුම් ලෙස විශ්ලේෂණය කෙරේ.

ඔහු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු මෙන්ම උදාරතර මානව හිතවාදියෙකු පමණක් නොව අවසාන විග්‍රහයේදී මනුෂ්‍යයෙකුද විය.එනිසාම මිනිසත් බවෙහි ශක්‍යතා මෙන්ම දුබලතාද අඩු වැඩි වශයෙන් ඔහුට උරුම වී තිබුණි. මෙම කෘතිය තුළින් අයින්ස්ටයින්ගේ කය හා මනස තුළ පැවති එවන් සාධනීය හා නිශේධනීය ලක්ෂණ රැසක් කදිමට අනාවරණය වන්නේය.

Author ප්‍රේමශාන්ත කුමාරසිරි - Premashantha Kumarasiri (2)
Publisher S & T Group (37)
More Information
ISBN 9786245712076
පිටු ගණන 170
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?
Back to Top