අයින්ස්ටයින් මෙන් සිතන්නේ කෙසේද?
පෘථිවි ග්‍රහලෝකය මත මෙතෙක් පහළ වූ අසාමාන්‍ය බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ විවිධාකාර පැතිකඩ රැසක් විවරණය කෙරෙන මෙම කෘතිය සාම්ප්‍රදායික චරිතාපදාන රටාවට වඩා වෙනස් ආකෘතියකින් නිර්මාණය කර ඇති නිසාම එයටම ආවේණික වූ සුවිශේෂත්වයකින් පරිපූර්ණ වෙයි.
ඇල්බට් අයින්ස්ටයින් සිය හැත්තෑ හය වසරක දිවිමග තුළ ඉටු කළ කාර්ය සාධනය මෙන්ම එයට පසුබිම් වූ මානසික, කායික, අධ්‍යාත්මික, සමාජීය හා දේශපාලන වාතාවරණය මෙහි සියුම් ලෙස විශ්ලේෂණය කෙරේ.
ඔහු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු මෙන්ම උදාරතර මානව හිතවාදියෙකු පමණක් නොව අවසාන විග්‍රහයේදී මනුෂ්‍යයෙකුද විය.එනිසාම මිනිසත් බවෙහි ශක්‍යතා මෙන්ම දුබලතාද අඩු වැඩි වශයෙන් ඔහුට උරුම වී තිබුණි. මෙම කෘතිය තුළින් අයින්ස්ටයින්ගේ කය හා මනස තුළ පැවති එවන් සාධනීය හා නිශේධනීය ලක්ෂණ රැසක් කදිමට අනාවරණය වන්නේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.