එකෝමත් එක කාලයක
Details
ISBN
9789553112248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ එකෝමත් එක කාලයක*** කතුවරියගේ සටහනකි ***
එකෝමත් එක කාලයක, ඈත ඈත දුරක, තිබුණා එක දේශයක් ස්වර්ණ දේශය නමින්. ස්වර්ණ දේශය, රාජධානි කිහිපයක එකතුවක්. ෆැසිනෝඩියා, නෝවෙල්ස්ට්‍රයින්, මැන්ඩලෝශියා, ෆ්ලොරීන් - ඒ රාජධානි අතරින් කිහිපයක්. එක් හිතුවක්කාර රජ කුමරියකගේත්, මහළු වෙස් ගෙන සතුරු රාජ්‍යයකට පා තබනා විරුවෙකුගේත් ආදර අන්දරය දිග හැරෙන්නේ මේ ස්වර්ණ දේශය තුළ. දහසකුත් එකක් බාධක, හැළ හැප්පීම් මැදින් ඔවුන්ගේ එම වික්‍රමාන්විත ආදර අන්දරය ගංගාවක් සේ ගලාගෙන යන්නේ ෆැසිනෝඩියා, නෝවෙල්ස්ට්‍රයින් රාජධානි තුළ ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන මනස්කාන්ත භූමි දර්ශන පිළිබඳවද පාඨකයන් වෙත හෙළි කරමින්.
නිල්වන් සිසිල් දියෙන් පිරි විල් තෙරක් අද්දර දී හෙළිවන රහසකින් පසුව ඔවුනට, අරුමැසි ගී ගයනා දිව්‍යමය පක්ෂියා මුණගැසෙන්නේ ගල් පරවල හැපෙමින් රැළි නගනා මහ සමුදුරට බෑවුම් වූ කඳු මුදුනකදී. ඔහුගේ රාජධානියේ යුව රාජ මාළිගයට දිස්වන ඈත කඳුවැටිය පසුබිම් කරගත් දර්ශනයෙන් ඈ වශී වන තරම්! රාජධානි ද්විත්වය මැදින් වූ වනාන්තරය, ඒ මැදින් ගලනා සෙප්ටීන් ගංගාව, වොන්ඩ්‍රැක් ඔය! මේ සියලු සොබා අසිරිය කැටි වූ ඒ රාජධානි අතරින් ඇවිද යන්නට ඇත්නම්!
එහි දකින්නට ඇත්තේ මෙම සොභා සෞන්දර්‍යයන් පමණද? නැත!
රාජ මන්දිර... ප්‍රභූ මන්දිර... යුධ පුහුණු කඳවුරු... රහස් උමං! පැරණි බෙහෙත් ශාලා! මේ සියල්ලක ම ඔබට ඇවිද යා හැකි වනු ඇත!
ඒ, අසිපත්, දුනු හී තල සමගින් යුධ බිමේ ජයග්‍රහණය තහවුරු වූ යුගයක්. රාජධානි පාලනය කෙරුණේ රජවරුන් විසින්. ස්වර්ණ දේශයේ රන් කාසි ඉතා බහුලය. නමුත් එහි වටිනා ම මුදල් ඒකකය වූ මරකත කාසියක් ඔබ සතු කරගැන්මටනම් ඔබ එහි රාජකීයයෙකුගේ ප්‍රසාදය දිනාගත යුතු ම ය.
ඒ අපූර්ව වූ දේශය ගැන මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ස්වර්ණ දේශයේ වීර කාව්‍ය මාලාවේ පළමුවැන්න වන 'එකෝමත් එක කාලයක' තුළිනි. කෘති පෙළේ ඉදිරි කෘති සමගින් එම දේශයේ අනෙකුත් රාජධානි ගැනද, ඒවායෙහි රජ පෙළපත් ගැනද ඔබ වෙත වැඩිදුර තොරතුරු ගෙන එනු ඇත.
2018 වසරේදී පළ වූ 'එකෝමත් එක කාලයක', සරසවි ප්‍රකාශනයක්.
Write a review
Write a review