එළිය කන්ද
"අපේ ජීවිත වලට ශාන්තිය උදා කරගන්න අහිංසක සතෙක් බිල්ලට දෙන එක ගැන නම් මගේ මනාපයක් නෑ මහත්තයො. අනික ඇහින් දකින තුරු, කන් දෙකෙන් අහන තුරු කවුරුවත් කියන දෙයක් විශ්වාසෙට ගන්න බෑ තමයි. කෝක උනත් හැමදාම රෑට හැම ගෙදරකම රතන සූත්‍රය දේශනා කරා නම් හොඳයි."
- හාමුදුරුවෝ
"ළමයින්ගෙ චර්යාවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් ගුරුවරුන්ට පැවරිලා තියෙනවා. පාසලට පැවරිලා තියෙනවා. හැමදේටම ගුරුවරු වගකිව යුතුයි කියලා දෙමාපියන් හිතනවා නම් ඒකෙ ඇති වරදකුත් නෑ."
- විදුහල්පතිතුමා
"මං තවම මේ ගම කියවනවා. මිනිසුන්ව කියවනවා. ඉස්කෝලෙට එන හැම පුංචි එකාගෙම ඇස් වල ලියවිලා තියෙන කතන්දර කියවනවා."
- එරන්දති ගුරුතුමිය
"හිත තද කරගෙන කළුවර කාමරේට දැම්මට උදේ කොල්ලා බිම නිදාගෙන ඉන්න හැටි දැක්කම මගේ පපුව දාලා ගියා කුඩා බණ්ඩො."
- කස්තුරි මුදලාලි
"මාත් ඔය ගැන කල්පනා කරා. ලොකු අය බයෙන් හිටියට මට වෙලාවකට හිතෙනවා එළියකන්දට ගිහින් යක්කු මොන වගේද කියලා බලන්න."
- ටිකිරි
"කලින් මගේ පුතා ඔහොම කේන්ති අරගෙන නෑනේ. ඔය දිස්නිය තමයි උඹව කේන්ති ගස්සන්නෙ. හොඳ පුතා වගේ ලෑස්ති වෙයන් පිට්ටනි පොළට යන්න."
- යසෝ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.