එන්න යන්න මාත් එක්ක
'එන්න යන්න මාත් එක්ක’ කොල්වින් සෙට්ටිනායක තම ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබට කරන ආයාචනයකි. වාසගමින් සෙට්ටිනායක වුවත්, කොල්වින්ගේ සනුහරේ කිසිවකු සිටු පවුලකට ගෑවීමක් නැත. ඒ ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයකි.
කළුතර සැබෑ පීඩිත පවුලක ඉපිද, අපමණ දුක් පීඩා විඳීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නැත. ඔහු මෙන්ම මේ කෘතියෙන් අපට මුණගස්සන කිසිවකු වස්තුකාම, ක්ලේශකාම රහිත මුනිවරුන් බඳු යැයි මට සිතේ. ඔවුහු දුක් සුසුම් මැද පරම ධනය වන සතුට භුක්ති විඳිති.
‛අට්ටාලය’ නවකතාවට පාදක වූ සැබෑ චරිත, කොල්වින්ගේ ආත්ම චරිත කතාවේදී අපට හමුවෙයි.
'එන්න යන්න මාත් එක්ක’ කොල්වින් සෙට්ටිනායක සිත්තරා, අක්ෂර නමැති වර්ණ භාවිතයෙන් අඳින මනස්කාන්ත චිත්‍රය, මහගම සේකරගේ 'තුංමංහංදියේ' බස්වහරින් අව්‍යාජත්වයක් නිතැතින් සිහි ගන්වයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.