Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ෆිගැන්සා

ෆිගැන්සා

About this book

එය පැහැදිලි මිනිස් කටහඬකි. ඉතාම පහත් හඬින්, නමුත් කිසියම් වේදනාවක් නිසා පිටවුණු ඒ තඩ ඇසුණේ මුළුතැන්ගෙහි ජනේලය ආසන්නයෙන්මය. ඒ මොහොතේම මගේ අතට පොරෝ මීට හසුවිය. පොරව මුළුතැන්ගෙහිම මුල්ලක තබා තිබීම ආච්චම්මාගේ පුරුද්දක් වූ අතර, එහි වාසිය මට වැටහුණේ මේ මොහොතේය. මසිතට යම් තරමක නිර්භීතකමක් ඇති විය. ඔහු කෙතරම් ශක්තිමත්, කෙතරම් සාහසික අයෙකු වුවත් මා පැරදීමට හෝ ඔහු අතින් කෲර ලෙස මිය යෑමට සූදානම් නැත. විශේෂයෙන් ආච්චම්මාට ඒ ඉරණම අත් කරදීමට මා සූදානම් නැත.

ආහ්! ...! ආහ්..හ්...”

ඒ මරණීය විලාපය නැගෙන විට මා පොරව එක් අතකින් තදින් අල්ලාගෙන මුළුතැන්ගෙහි දොර, අගුලට අත තැබුවා පමණි. මාගේ සියොළග වෙවුලා ගොස් දණහිස් අප්‍රාණික විය. තත්ත්පර දෙකතුනක් ඒ අයුරින්ම ගන්ගැසී සිටි මම සිහි එළවාගත් වහාම දොර හැර මුළුතැන්ගෙයින් පිටතට පිහිමි.

"රසල්, එපා පුතේ! එජ්ජි..."

Details
ISBN
9786246178239
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Figanza | ෆිගැන්සා
    ඔයාලා පුංචී කාලේ ඉදන් ජිවත් වෙන ගමේ එක පාරටම මිනිමැරුම් සිද්ද වෙන්න පටන් ගන්නවා. හැබැයී ඒ මිනිමැරුම් සිද්ද වෙන තැන් වල කිසිම සාක්ශියක් නෑ , ඝාතකයෙක් ආවා කියලා සලකුනක් නෑ , තප්පර ගානක් ඇතුලත මිනිස්සූ ඝාතනය වෙනව. මේ තත්වය කොච්චර දරුනූ වෙනවාද කිවොත් ඔයාලාගෙ ගම ලොක්ඩවුන් වෙන මට්ටමටම ගමන් කරනවා. මෙහෙම තත්ත්වයකට ඔයාලාට මූහුන දෙන්න වුනොත් ඔයාලා මොකද කරන්නේ ?

    ִֶָ. ..???? ִֶָ????་༘࿐

    එය පැහැදිලි මිනිස් කටහඬකි. ඉතාම පහත් හඬින්, නමුත් කිසියම් වේදනාවක් නිසා පිටවුණු ඒ හඬ ඇසුණේ මුළුතැන්ගෙහි ජනේලය ආසන්නයෙන්මය. ඒ මොහොතේම මගේ අතට පොරෝ මීට හසුවිය. පොරව මුළුතැන්ගෙහිම මුල්ලක තබා තිබීම ආච්චම්මාගේ පුරුද්දක් වූ අතර, එහි වාසිය මට වැටහුණේ මේ මොහොතේය. මසිතට යම් තරමක නිර්භීතකමක් ඇති විය. ඔහු කෙතරම් ශක්තිමත්, කෙතරම් සාහසික අයෙකු වුවත් මා පැරදීමට හෝ ඔහු අතින් කෲර ලෙස මිය යෑමට සූදානම් නැත. විශේෂයෙන් ආච්චම්මාට ඒ ඉරණම අත් කරදීමට මා සූද‍ානම් නැත.

    ִֶ.......

    ඒ මරණීය විලාපය නැගෙන විට මා පොරව එක් අතකින් තදින් අල්ලාගෙන මුළුතැන්ගෙහි දොර අගුලට අත තැබුවා පමණි. මාගේ සියොළඟ වෙවුලා ගොස් දණහිස් අප්‍රාණික විය. තත්ත්පර දෙකතුනක් ඒ අයුරින්ම ගල්කැසී සිටි මම සිහි එළවාගත් වහාම දොර හැර මුළුතැන්ගෙයින් පිටතට පිනීමි.

    "රසල්, එපා පුතේ! එප්ස්..."

    උපුටා ගැනිමකි

    ִֶָ. ..???? ִֶָ????་༘࿐

    මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ඇමරිකාවේ පිහිටලා තියන නිස්කලංක ගම්මානයක්. ඒ ගමේ නම තමා ෆිගැන්සා . මේ කතාවට පාදක වුන නගර ඇමරිකාවේ වුනාට මේ පොත ස්වතන්ත්‍ර කෘතියක්. ඉතින් මේ කතාව ප්‍රධාන වශයෙන්ම රසල් කියන චරිතත් ඔහුගේ ආව්චිඅම්මත් වටා ගෙතිලා තියනවා.

    මෙ ගම්මානයේ නිස්කලංක බව බිදින ගමන් එක පාරටම ගම්මානය ඇතුලේ ඝාතන ගනනවක් සිද්ද වෙනවා. හැබැයී ඒවා දාම ඝාතකයෙක්ගේ වැඩක්ද , සතෙකුගේ වැඩක්ද , නැත්තම් වසංගතයක් ද කියන මෙ කිසිම දේයකට සාක්ශී හම්බ වෙන්නේ නෑ. එ විතරක් නෙමේ . මේ ඝාතන ජාලය මේ ගම ලොක්ඩවුන් කරන මට්ටම දක්වාම් ඇරන් යනවා. ඉතින් මේ ඝාතන කරන්නේ කව්ද ? වෙන්නේ කොහොමද කියන එක ගැන විස්තර හොයා ගන්න පොලිසියට පුලුවන් වෙවිද ?

    ඔයාලා මේ කතාව කියවාගෙන යන අතරේ මේ කෙනා නැත්තම් මේ දේ ඝාතන මෙහෙයවනවා ඇති කියලා ගෙස් කරත් කතාව අන්තිම වෙනකම්ම මොන හෙතුවක් නිසාද මේ ඝාතන වෙන්නේ කියන එක නම් හොයා ගන්න අමාරුයී . මගෙත් ගෙස් එකක් දෙකක් හරි ගියත් බහුතරයක් ම අන්‍තිම මොහොතේ වෙනස් වුනා. ඒ වගේම හරිම ලස්සන කුතුහලයෙන් කියවන් යන්න පුලුවන් කතාවක් විදිහටත් මේ පොත හදුන්වන්න පුලුවන්

    ඉතින් science fiction , physico thriller , mystery , crime fiction කියන ශානර කිහිපයක එකතුවකින් හැදිලා තියන මේ කතාව ඒ ශානර වල පොත් කියවන්න කැමතී අය අනිවාර්‍යෙන් ම කියවන්න ම ඔන පොතක් විදිහට හදුන්වලා දෙන්න පුලුවන් .

    මෙ පොත රචනා කරලා තියෙන්නෙ - Ash Jayawardana - Novelist
    මේ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ - ලේඛක හා පාඨක සංසදය
    මේ පොතේ මිල රු 1260
    මේ පොතෙ පිටු ගනන - 232

    Anjali ·
Write a review

You're reviewing: ෆිගැන්සා

Reviews are published once a member of our team has read them.