Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගිම්හානයේ අවසානය

ගිම්හානයේ අවසානය

About this book

සැප පහසු සුවිසල් නිවෙසක්, මිල මුදල්, මිල අධික ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, ඉස්තරම්ම වර්ගයේ දියමන්ති, කඩවසම් කාර්යශීලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජීවිතයට ලැබී තිබුණි. නමුත් ඇගේ සැමියා මාර්ක් එඩුවාඩ් ජාත්‍යන්තර නීතිඥයකු වශයෙන් ගතකළේ කාර්ය බහුල සංචාරක ජීවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩීනාට ගත කිරීමට සිදුවී තිබුණේ හුදෙකලා පාළු ජීවිතයකි. ඒ, ඇගේ ජීවිතයට බෙන් පිවිසෙන තුරු ය. හුදෙකලා පාළු ලෝකයක තනිවී සිටි ඩීනා නිරාමිස සතුට, නිදහස සැනසුම පිරි ඒ ජීවිතය කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. හිරු රැස් උරාගත් වැලි තලා පැතිර ගිය මුහුදු වෙරළ ඔවුන් දෙදනොගේ ජීවිත ද උරාගත් බවක් පෙනුණි. නමුත් සිහිනයක් බඳු ඔවුන්ගේ සුවදායක සැනසුම සතුට පිරුණ ලෝකය ගිම්හානය නිමාවත් සමඟම කෙළවර වෙන බව ඔවුහු දැන සිටියහ. නමුත් ගිම්හාන ඍතුව අවසාන වෙන විට ඔවුන්ගේ සොඳුරු ලෝකය වනසාලන වේදනාකාරී තීරණාත්මක වෙනස්වීම් රැසක් සිදුවෙන බව ඔවුන් දුටුවේ නැත. එය ගැඹුරු ආදරයත් ජීවිත පරිත්‍යාගයත් කැටිකරගත් කතාවක් විය.

ISBN
9789556973587
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හානයේ අවසානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.