Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ගිං ගඟේ විලාපය

ගිං ගඟේ විලාපය

About this book

සිංහරාජ අඩවියේ අවසාන කඳු ප්‍රාන්තයක සිට, නිම්න, කෙත්බිම්, හෙල්වැටි අතරින්, මිනිසුන්ගේ සුවඳ සොයා ගිං ගඟත් සමග ඔහුගේ කවිකම ගලා ආවේය. නන්දන වීරසිංහ කවියාගේ ගඟක් වන් ඒ කවි මගේ පළමුවන ජයග්‍රාහී තීර්ථය මෙතැනයි.

දකුණු පළාතේ ගොවි බිම්වල වෙසෙන මවුපිය සහෝදරයන්ගේ ගේහසිත ජීවිතයේ, වියවුල් සහ දෝමනස්ස සහගත ස්වභාවයත් ඔවුන්ගේ ආදරය සහ ප්‍රහර්ෂයත් දෙස නන්දන සිය මානවවාදී ඇසට කඳුළක් 
 නගා ගෙන බලා සිටියි.

කාඩිය මෙන් කටුක වූ ජීවිතයේ වධ වේදනා චෂකය මිහිරි වන, පථ්‍ය වන දවස පිළිබඳ ප්‍රශ්න කිරීම ඔහුගේ ඉංගිතයක් තුළ රඳා පවතී. එහි අවශ්‍යතාව ඔහු ඥානනය කරයි. හෘද ස්පන්දනයෙන් යුක්ත සංකල්ප රූපත්, රූපාකාර්ථ දනවන වාගාලාපත්, ජන කවියට සමීප වන රිද්ම හා හැඩරුවත් ඔහු සිය ගමනට මෙවලම් කොටගෙන තිබේ.කවියා අප අත ගෙන ආදරයෙන් කැටුව යන්නේ නව අරුතින් පිරුණු සුවඳ හමන මිනිස් වාසයක් වෙතය.

රත්න ශ්‍රී විංසිංහ

ISBN
9786245546886
පිටු ගණන (Pages)
54
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිං ගඟේ විලාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.