ගිනි ගත් කඳු මුදුන
"ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේ ද?”
"ඔව්, එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියෙනවා ස්කැවේග් විල පැත්තට. ඒ අය දැකලා තියෙනවා බ්ලාවන් මුදුනට බාගයක් විතර දුරින් ලොකු ගින්නක්. රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුව ම දැකලා තියෙන්නේ. ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදිහට පත්තුවෙන බව.’
ඔහු නැවතත් දිළිසෙන විල දෙස බැලුවේ ය.
"එයාලා දැකලා තියෙනවා. උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්. වේලුණු දර කෝටු, බර්ච්, හෙදර් වගේ ඒවා ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා, පිච්චිලා අළුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.”
දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති. විසි වැනි සියවසේ මැද භාගයේ, මහා බ්‍රිතාන්‍යයේ තිබු සමාජ තත්ත්වයන් සහ ජීවන රටාවන් ද පිළිබිඹු කරන මෙම කතාව කියවූ පසු, කන්ද මත බිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන්දැයි දැනගන්නට හැකි වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.