ගෙස්ට් ලිස්ට්
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි, මංගල උත්සව සභාවකි.
එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි.
නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි.
සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.
එහෙත්,
සැබෑම මිනීමරුවා කවුරුන්ද?
ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමි වන්නේ කාගේ විය හැකිද?
පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.