හද විලේ ඔබ පිපුණා
About this book
ආත්මයෙ පුරුදු පෙම
දැනී දැනී හිත පුරා
රිදුනු සිත සැනසෙනා
හේතුවම නුඹ වෙලා
හඳවතේ තතූ සොයා
සැනසීම නුඹ වුණා
පාරමී දම් පුරා
නුඹ මෙමට හිමි වුණා...
- මෙතූකරා දහම්දි -
ආදරේ හරි අරුත
අකුරු හතරක් වටා
මුතු පොටින් ඇමුණු නුඹ
පණ වේය මට සඳා
සොයන්නට සැනසීම
නුඹ වෙතින් නිරතුරා
මා දිවිය සුවඳ කළ
පිපී නෙළුම නුඹ වුණා...
- සහස්‍ර දිව්‍යනාත්-
Details
ISBN
9786249204003
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
හද විලේ ඔබ පිපුණාඔයාලා සතුටුදායක අවසානයක් තියන ආදර කතා කියවන්න කැමතී කෙනෙක්ද ? එහෙනම් මේ පොත අනිවාර්‍යෙන් ම කියවන්නම ඔන පොතක් ඒ වගේම තමා මාරම ලස්සන කතා ප්ලොට් එකක් තමා මේ පොතේ තියෙන්නේ.
ִֶָ. ..???? ࣪ ִֶָ????་༘࿐
ආත්මයෙ පුරුදු පෙම
දැනී දැනී හිත පුරා
රිදුනු සිත සැනසෙනා
හේතුවම නුඹ වෙලා
හඳවතේ තතූ සොයා
සැනසීම නුඹ වුණා
පාරමී දම් පුරා
නුඹ මෙමට හිමි වුණා...
- මෙතූසරා දහම්දි -
ආදරේ හරි අරුත
අකුරු හතරක් වටා
මුතු පොටින් ඇමුණු නුඹ
පණ වේය මට සඳා
සොයන්නට සැනසීම
නුඹ වෙතින් නිරතුරා
මා දිවිය සුවඳ කළ
පිපී නෙළුම නුඹ වුණා...
- සහස්‍ර දිව්‍යනාත්-
ִֶָ. ..???? ࣪ ִֶָ????་༘࿐
මෙතූසරා දහම්දි වාසලආරච්චි සහ සහස්‍ර දිව්‍යනාත් ගජනායක කියන චරිත දෙක වටා ගෙතිලා තියන මේ කතාව ගොඩක්ම වෙනස් කතාවක්
සහස්‍ර සහ මෙතුසරාගෙ හමුවීම හරිම අහම්බෙන් සිද්දවුන හමුවීමක් . ඉතින් ඒ හමුවීම ඒ දෙන්නගෙම ජීවිතය ම වෙනස් කරනවා.
ඒ වගේම තමා මේ කතාව ආදර කතාවකට එහා ගිය කතාවක් කියලා කියන්නත් පුලුවන් . මොකද ළමයෙක්ගේ ජිවිතේ පොඩි කාලයේ දී මුහුන දෙන අත්දැකිම් ලොකූ වෙනකොට ඒ කෙනාට කොච්ව්හර දරුනූ විදිහට බලපානවාද ? , පොඩී කාලේ එක පාරටම දෙමාපියෝ අතඇරලා ගිය ගෑනූ ළමයෙක් පොඩි කාලයේ ඉදන් කොන්වන්ට් එකක හැදිලා වැඩිලා එක පාරටම සමාජ අත්දැකිම් නැතිව සමාජයට එනකොට මුන දෙන්න සිදූවන දරුනු අත්දැකිම් , ඒ විතරක් ම නෙමේ පොඩි ශාරිරික ආබාධයක් නිසා කොච්චර ඒ කෙනා සමාජය ඇතුලේ අපහසූතාවකට පත් වෙනවද ? වගේ දෙවලුත් හරිම ලස්සමට ඉදිපත් කරන්න කතුවරිය සමත් වෙලා තියනවා
ඒ වගේම තමා කතාව සතුටුදායක අවසානයක් තියන පොතක් උනත් කතාවේ සමහර තැන් වල දුක හිතුන අවස්තාත් තිබුනා මට නම් ????????
මේ පොත රචනා කරලා තියෙන්නේ Maumi Kanchana ( රිතූ ද සිල්වා - Rithu de Silva ) අක්කා
මෙ පොත ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ මෙත්සිඳු ප්‍රකාශකයන් විසින්
මේ පොතේ පිටු ගාන 496
Write a review
Write a review